• රෙස්ට් ඉන් පීස්

249 48 62
                                    

• Foxy Crook : They End The Play
.
.
.
.
.
.
.

ලෙස්ටර් කිම් නම්ජුන්
.
ට්‍රිවොන් සොක්ජින් කිම්
.
මින් යුන්ගි
.
ජෙරම් හෝප්
.
ජිමින් පාක්
.
ටේහ්‍යුන් කිම්
.
ජොන් ජොන්කුක්
.

චාලට් ඔ'ටේගාගේ කොෆින් එක ඉස්සරහා හිටිගෙන හිටියේ එයාගේ ෆැමිලි එක විදියට. ලෝකේ ඉන්න බලවත්ම ධනවතුන් අතර මුල් තැනක් ගත්ත බිලියනර් චාලට් ඔ'ටේගා මේ වෙද්දිත් එයාගේ අවසන් හුස්ම හෙලලා ඉවරයි. ඔ'ටේගාගෙ අවුරැදු හතළිස්නමයක ජීවිතේදි එයත් එක්ක නොයෙක් විදියට ගනුදෙනු කරපු මිනිස්සුන්ගෙන් මේ වෙද්දි සෙමිට්‍රි එක පිරිලා තිබුනා. ප්‍රධාන පෙළේ ධනවතුන්.. ව්‍යාපාරිකයින්.. පළමු පන්තිවල වංශාධිපතිවරැ.. අමාත්‍යවරැ.. පාලකවරැන්ගෙත් අවසන් ගෞරව ඔ'ටේගාට ලැබිලා තිබුනා.

ඔ'ටේගාගේ සමුගැන්මේදි කෑ ගහලා අඩන්න තරම් කෙනෙක් එතන හිටියේ නැහැ. අතරින් පතර සමහරක් ඇස්වල කඳුලු පුරවගෙන හිටියත් ඒ කඳුලු ඇත්තම කඳුලුද.. නැත්නම් මවාපෑමක්ද හොයාගන්න අමාරැයි. ඒත් වැඩි හරියක්ම එතන ඇත්තේ මවාපැමක්. මොකද ඔ'ටේගාගේ පවුල විදියට එතන හිටගෙන හිටපු පිරිමි හත් දෙනා කලෙත් මවාපෑමක් වෙන කොට වෙන මිනිස්සු ගැන වචනයක් දෙන්න කාටද පුලුවන්. එයාලා නිහඬවම ගෝල්ඩ් ඩස්ට් එකකින් පොලිෂ් කරපු ඔ'ටේගාගේ සුදු පාට කොෆින් එක දිහා බලන් හිටියා.

යුන්ගිගේ වගේම නම්ජුන්ගෙත් ඇස් තිබුනේ එයාලට කිට්ටුවෙන්ම කොෆින් එක ගාව හිටපු වෙස්ලි ගාව. වෙස්ලි ලොකු දුකකින් වගේ ඔ'ටේගාගේ කොෆින් එක දිහා බලන් හිටියා. පිටතින් බලන කෙනෙක්ට වෙස්ලිව පෙනෙයි.. තමන්ගේ බිස්නස් පාට්නර්ගේ වියෝවට හදවතින්ම දුක් වෙන බිස්නස්මන් කෙනෙක් විදියට.. ඒත් එයාගේ හිත ඇතුළේ කැකෑරෙන කුරිරැ සිතුවිලි.. කපටි හිනාව ගැන ඇත්ත දැනගෙන හිටියේ බොහොම ටික දෙනෙක් විතරයි.

ට්‍රිවෝන්ගේ ඇස් නැවතිලා තිබුනේ සෙමිට්‍රි එකට ඇතුළු වෙන ගෙට්ටුව ගාව. එයා සැරින් සැරේ තමන්ගේ ඔරික්ස් වොච් එක දිහා බැලුවේ එන්න තියන මොහොතක් තවමත් පරක්කු ඇයි වගේ බැල්මකින්.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now