• බී ඉමෝශනල්

154 39 31
                                    

• Foxy Crook : Dressed in Black
.
.
.
.
.
.
.

යුන්ගි ටේහ්‍යුන් හිටියේ එකම සීට් එකක දෙපැත්තට වෙන්න වාඩි වෙලා. ඊට කෙලින් ජිමින් ජොන්කුක් දෙන්නට මැදි වෙලා හෝප් එයාලාට මුහුණලා ඉදගෙන හිටියා. එයාලා පස්දෙනා හිටියේ හෝප්ගේ ලිමෝසීන් එක ඇතුලේ. හෝප්ගේ ඩ්‍රයිවර් උනු කාර්ලො ලිමෝසීනය තරමක වේගයකින් ඔ'ටේගා ඩ්වේලි ⁣වලට අරන් යන ගමන් හිටියේ. ඔ'ටේගාගේ ඩෙත් එක ගැන දැනගත්තු ගමන්ම එයාලා පස්දෙනාම ස්පේන්වලින් ලොස් ඇන්ජලීස්වලට ආවා.

" මේහ්.. දැන් මම මේ සිරාවටම අහන්නේ ලොකු අයියේ..හ්.. අයි මීන්.. දැන් ඉතින් ඔහේ නමට හරි අපේ බිග් බ්‍රදර් නේ.. කොයි ලොකේද මගේ ඩයමන්ඩ්ස් ටික..!!! "

" හාෆ්.. හාෆ් බෙදාගන්නවා නම්.. තියන තැන කියන්නම්.."

යුන්ගි කිව්වේ ගානකට ගන්නැතුව එයාගේ ෆෝන් එක ඔබන ගමන්. ටේහ්‍යුන් එයාගේ කටත් ටිකක් ඇරගෙන බෙල්ල ඇල⁣කරගෙන යුන්ගි දිහා බැලුවා. මේකා නම් පුදුම කරදරකාරයෙක්.

" ආහ්ග්ගග... ෆක්.. ඉට්හ්හහ... ඕන මගුලක් හරි කමක් නෑ.. බාගයක් හරි තියනවා නේ.."

" ඩයමන්ඩ්ස් ටික තියන්නේ ඇෂ්ලි ගාව.. ඒකි ඒ ටිකත් අරගෙන මීට මාසෙකට කලින් ගියේ ඒවා විකුණනවා කියලා.. ඒ ගියත් හරි.. නෝ කනෙක්ශන්ස්.. "

" පෆ්ෆ... මහ ලොකු හැකර්.. තමුසෙට ඇරලා නේ ඒකි ගියේ..."

යුන්ගි කියද්දි ජිමින් හිනාවක් එක්ක කිව්වා.

" ඒක ගැන මම බලාගන්නම්..."

යුන්ගි ⁣⁣ෆෝන් එකෙන් ඔලුව උඩට උස්සන්නැතුවම කිව්වා.

" දැන්.. එතකොට.. මේ යුන්ගි.. මමාගේ රියල්ම සන් නම්.. ඇයි මමා අපිට කලින්ම ඔයා.. ගැන කිව්වේ නැත්තේ..? ඇයි කවුරැත් ඔයා ගැන දන්නැත්තේ..? "

" ජොන්කුක්...!! "

" මොකද චාලට් ඔ'ටේගාට මම කියන්නේ මැරැනු කෙනෙක් නිසා.."

ජොන්කුක් යුන්ගිගෙන් අහද්දි හෝප් කලබලෙන් එයාව නවත්තන්න ගියත් යුන්ගි කිසිම ගානක් නැතුව කියලා දැම්මා. එයා ෆෝන් එකෙන් ඇස් අරගෙන ජොන්කුක් දිහා බලන් හිටියා. එයාගේ වචන එක්ක ජිමින් ජොන්කුක් ටේහ්‍යුන් තුන්දෙනා පුදුම උනත් හෝප් එයාගේ ඇස් වහගෙන අතෙන් නළල මිරික ගත්තා.

TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now