• වට් අ යන්ග් ලේඩි

177 43 17
                                    



• Rich-Ass-Brats : Smells like new money
.
.
.
.
.
.
.








ඩිසයර්.. එහෙමත් නැත්නම් යටි හිතේ තියන තදියම් ආශාවක් කියන එකයි ලා වොඉයා කියන එකේ තේරැම. එතකොට ලාස්වේගාස්වල තියන ලා වොඉයා කැසීනෝ එක හවස පහේ විතර ඉදන් පිරිලා යන්නේ ඒ විදිහේ ඩිසයර්ස් පිරැනු මිනිස්සුන්ගෙන්. එතනට විශේෂණ පද ටිකක් එකතු කරන්න.. විසික් කරන්න තරම් සල්ලි තියන කියලා. ඒ ආශාවන් පස්සේ යන්න සල්ලි තියන.. තරඟකාරි විනෝදකාමි ජීවිත පස්සේ යන්න..පුලුවන් මිනිස්සු.

ජිමින් ටේහ්‍යුන් ජොන්කුක් තුන්දෙනා හිටියේ මේ දිහා බලාගෙන. කැසීනෝ එක උඩම තිබුනු ඒරියා එක ජිමින්ගේ කැබින් එක. ඒක එතන තියනවාද කියලා දකින කෙනෙක්ට හිතන්නවත් බැරි උනාට එතනට කැසීනෝ එකේ හැම අස්සක් මුල්ලක් නෑරම පෙනුනා. ග්ලාස් වෝල් එකෙන් එයාලාට ඒ හැමදේම පැහැදිලිව පෙනුනා. රත්තරන් අඳුරැ පාට ලා වොඉයා එක ඇතුලේ එක එක පාටට දිලිසෙන ඇදුම් ඇදගත්ත මිනිස්සු සල්ලි.. ඔට්ටු අල්ලන හැටි... ජීවිත එක්ක කරන සෙල්ලම් දිහා එයාලා හරිම විනෝදෙන් බලන් හිටියා.


ලෙපර්ඩ් වූල් ඩිසයින් කෝට් එකක් දාගෙන හිටපු ටේහ්‍යුන් එතනින් ඇස් අහකට ගත්තේ පහළට යන්න. එයා ගෝල්ඩ් කලර් ස්ටෙයාකේස් එක බැහැගෙන පහළට ආවේ තනි කලු ඇදගත්ත ගාඩ්ස්ලා දෙන්නෙක් එක්ක. ටේහ්‍යුන් නැවතුනේ ක්‍රැප් බෝඩ් එකක් ළඟ. දැනටමත් එතන හොඳ ඔට්ටු ගණනක් ⁣වෙන් වෙලා තිබුනා. කලු පාට දිලිසෙන වෙල්වට් ඩ්‍රෙස් එකක් ඇදගෙන එතන හිටපු කෙල්ල ගාවට ටේහ්‍යුන් ළං වුනා. එයාගේ බෙල්ලේ තිබුන ශැනේල් නෙක්ලස් එකේ පැට්න් එකට ටේහ්‍යුන් කැමති උනා.



" ට්වෙන්ටිවන්.. ඩාලිං... "



ටේහ්‍යුන් කෙල්ලගේ කන් පෙත්තක් එයාගේ තොල් ගාවමින් කිව්වා. ටේහ්‍යුන් දිහා හොඳින් බලපු කෙල්ල එයාට පොඩි හිනාවක් දුන්නා.


" ජස්ට් බිලීව් මී...ඇන්ඩ් බෙට් ඉට්..."



ටේහ්‍යුන් කිව්වේ එයාගේ අතක් කෙල්ලගේ ඉන වටේ පටලගෙන. කෙල්ල ඒ අංකේට බෙට් කරද්දි ටේහ්‍යුන් හිනාවුනා. රුලේට් වීල් එක කරකවන්න කලින් ටේහ්‍යුන් එතන හිටපු ඇසිස්ටන් දිහා බැලුවා. ටේහ්‍යුන් එයා දිහා බලද්දි ඇසිස්ටන් ඒ බැල්ම තේරැම් ගත්තා.


TYCOONS IN PLAY || OT7 || COMPLETEDWhere stories live. Discover now