6 වන පරිච්ඡේදය

6.3K 1.2K 150
                                    





"seriously? Who's that? නම මොකක්ද?"

ඒ ඉස්කෝලේ principal ගේ පුතා කවුද කියලා හොයන්න තියා එහා පැත්තේ ඉන්න එකා එක්ක කතාවට යන්නවත් මාණික්‍යට ඕන කමක් නෑ. ඉතින් නොදන්න එක සාධාරණයි.

"අයියෝ මාණි නම නම් මතක නෑ ආවම බලාගන්නකෝ.. ආහ් අද අයියත් එයි"

"අයියත් එනවද?"

ඒ අද උදේ යද්දි ආයේ එන්න දවස් දෙකක් විතර යයි කියලා කිව්ව කෙනා. ගිහින් ආයේ එනවද? නැත්තන් එයා නිසාම එනවද? හැබෙයි එක පැත්තකින් මාණික්‍ය ඒ ගැන පුදුමහවුනේ නෑ ඒත් ටිකක් විතර නුහුරුයි වගේ.. අර කලින් කිව්වා වගේම පවුලේ අය දැන් මාණික්‍ය ගැන හරි උනන්දුවෙන් හොයලා බලන නිසා.

"ඔව් ලීලා නැන්දටම ඔක්කොම කරන්න බෑනේ.. So you also come and help her Mani! That's your school principal"

නාථ කිව්වේ ටිකක් විතර තරවටු කටහඩෙන් ඒත් මාණික්‍යව තාම අවුරුදු පහේ පොඩි එකෙක්ට දාලා කොන්ඩේ අවුල් කරලා පොඩි පැකට් එකක් දික් කරා.

"gummy bears!!"

ඒ මාණික්‍ය ආසම දෙයක්. රක්ෂිත ටුවර් එකක් ඉවර කරලා ගෙදර එන දවස් වලට මාණික්‍යට කියලා වෙනම ඒවා වෙනම තොගයක් ගේනවා. එයා ඒත තරමට ඒවට කැමතියි.. ඉතින් පැකට් එක දැක්මක් විතරයි කොල්ලගේ මූනේ තිබ්බ මහන්සි ගතිය ගහන් ගිහින් පොඩි එකෙක් වගේ ඇස් දෙක හදන් ඒකත් අරන් උඩට දිව්වා.

කොහොම හරි අද interval එකෙත් හරි කෑමක් නැති නිසා කොල්ලා මුලින්ම කරේ බඩ පැලෙන්න කාපු එක. පස්සේ බඩත් උස්සන් ඇදට වැටුනා.. ඇත්තටම කිව්වොත් මේ වෙලාවට ගෙදර මාණික්‍ය මෙහෙම ඉන්න ගත්තේ ලගදි ඉඳන් නැත්තන් වෙනදට එයා හවස් වෙනකල් cricket practice කරනවා.. ඒත් දැන් ඒක නෑ.. Practice නවත්තපු නිසා කිසිම දෙයක් නැතුව දැන් ගෙදර ඉන්න පුලුවන් තමයි ඒත් ඒක එයාට හරිම නුපුරුදු යි..

ඒක වෙනදට ඇග වෙහෙසලා ගෙදර එනවා වගේ නෑ. මේ නිසා වෙලාවකට ඇග හොර වෙයි කියලා මාණික්‍යට බයයි ඒත් ඊට වඩා එයාගේ හිත මුරණ්ඩු යි.. හැබෙයි අද දවල් ලක්ෂාන් කරපු ආරාධනාව එයාට තාම මතකයි.

ඔන්න ඒ ගැන මතක් කර කර ඉන්නකොටම නිර්මාල්ට අද කරන්න බැරි වුන දේ කරන්න රක්ෂිත කතා කරනවා.. ඉතින් මාණික්‍ය වීඩියෝ කෝල් එක answer කරලා ඇද පත්තට හේත්තු වුනා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now