51 වන පරිච්ඡේදය

5.5K 1.1K 359
                                    






මාණික්‍ය දිහා බලන් හිටපු දැහැනත් ඒ කටහඩ නිසා කැඩිලා ගියා. ඉතින් වෙන කවුරුත් නෙවෙයි ඒ නවිදු. කලින් දවසක මනරුම එයාලගේ නෑදෑකම කට්ටියට කියලා තිබ්බ නිසා ඒක කාගේ අතරෙත් දන්න කියන කාරනයක්.. හැබෙයි ඒ කිව්ව වචන ටික මනරුව ටිකක් බය කරා.. වුනත් තිගැස්ම ක් නැතුව ඒකට මූන දෙන්න හෑරෙන්න තමයි ගියේ..

"නැතුව.. මස්සිනාට ආදරේ නැත්තේ කවුද නේද?"

නොහිතපු නොපතපු වෙලාවක දෙවි කෙනෙක් වගේ නිර්මල එතනට ආවේ මනරුගෙම වෙලාවටද මන්දා.. ඉතින් බලාපොරොත්තු නොවුන උදව්ව නිසා ලැබුනු සැනසිමෙන් පැවිලියන් එකේ මනරු ඉන්න තැනට ඇවිත් ඉඳගත්ත නිර්මල දිහා එයා බැලුවේ ස්තූති පූර්වකව.

"අයියා මාණික්‍යගේ අයියා නේද?"

"ම්.."

නවිදු ගේ අවුලක් නෑ. එයා ඒක ඒ වෙලාවේ කටට ආවට කිව්ව දෙයක් මිසක් හිතලා කිව්ව දෙයක් නෙවයි නිසා එතනින් එහාට නවිදුට ඒ ගැන ප්‍රශ්න නෑ..

"මං වෙලාවටම ඇවිත්නේ.."

පස්සේ අත් දෙකත් ඉස්සරට බැදගෙන නිර්මල ඒ කියද්දි මනරු ඔව් කියන්න හිනාවක් එක්ක ඔලුව වැනුවා. අද නිර්මල එයාගේ ජාතික ඇදුමෙන් නිදහස්.. ඒක නිසාම එයාගේ තිබ්බේ වෙනස්ම කඩවසම් පෙනුමක්..

"මාණික්‍ය මේ දැන් half century එකක් ගත්තා විතරයි"

"ඕහ්..! ඒ කියන්නේ මට කට්ටියව චාරිකාවේ අරන් යන්න වෙනවා"

ඇහුන ගමන් නිර්මලට හිනා ගිය එකෙන් කියවුනේ ඒක.. දැන් ඉතින් මනරුට හරි ප්‍රශ්නේ.

"චාරාකාවේ?"

"ම්.. ආවම අහන්නකෝ.. ඒක නෙවෙයි කෝ අපේ හිරු කුමාරයා?"

මැච් එක යන්නේ ග්‍රවුන්ඩ් එකේ වුනාට නිර්මලගේ ඇස් තිබ්බේ වෙන තැනක.

" ආහ් අයියා කුමාරයා නම් දැන් ඇත්තේ team එකත් එක්ක..! හැබෙයි තව ටිකකින් පායන්නත් බැරි නෑ"

ඊලග බෝලයට ගල්කිස්ස පාසල සැරසෙනකොට මනරු ඒ කියලා හිනා වුනා.. ඉතින් නිර්මලටත් හිනා.. ඒ කොහොම වුනත් අර්ධ ශතකයෙන් පස්සේ මාණික්‍ය හිටියේ කාවද මන්දා ආවේස වෙලාද දන්නේ නෑ එයා ගහනවට වඩා එතන පලන්න පටන් ගත්තා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now