80 වන පරිච්ඡේදය

4.6K 904 440
                                    





වටේ පිටේ තියෙන හැම කටහඩක්ම පරයා මාණික්‍යට මුලින්ම ඇහුනේ තමන්ගේ හදවත ගැහෙන සද්දේ.. දෙපතුල ඉඳන්ම ඇගේ දුවන හැම ලේ බිංදුවක්ම හරි ඉක්මනට ලෝදිය තරම් රත්වෙන ද්‍රාවනයකින් ආක්‍රමනය කරනවා කියලා තේරෙද්දි ඊට විරුද්ධව බාහිරින් මාණික්‍ය ගේ මුලු ඇගම දැන් සීතලයි.. ග්ලැසියරක් තරම් සීතලයි..

"චූටි දූ මාමා ගාව ඉන්නවද?"

ඒ කටහඩ නම් කලින් තිබුනා වගේමයි.. උපනි ලග තව හුරතල්.. ඒත් මීට අවුරුදු තුනකට කලින් දැක්ක ඒ රූපේ දැක්කට වඩා වෙනස් නම්.. කලින් ඇග පතින් කෙට්ටුවට හිටපු කෙනාගේ දැන් ඇග දාලා.. කලින් ගානට හරි පිලිවෙලට කපලා තිබුනු කලු පාට කොන්ඩේ දැන් වෙනස්ම තාලෙට බෙල්ල ලගටම වවලා.. ඒ බාගයක් පිටි පස්සට අල්ලලා බැඳලත් තිබ්බේ.. ඒවයින් සමහරක් කොට කොන්ඩ කෑලි තාරුණ්‍යයට හැඩගැන්වුනු කඩවසන් මුහුණ උඩට වැටිලා හරියට මුලු පෙනුමම රිදී තිරයේ සිනමා නලුවෙක් හා සමානයි..

ඒත්,

'බීප් බීප් බීප්.. බීප් බීප් බීප්.. බීප් බීප් බීප්.. බීප් බීප් බීප්.. බීප් බීප් බීප්.. බීප් බීප් බීප්.. බීප් බීප් බීප්..'

වට පිට්වේ ඉන්න තරමක් සෙනගකගේ අවදානය ඇදගන්න මනරුගේ ඔරලෝසුව තිබ්බේ පුදුම හැකියාවක්.. ඉතින්..

"මාණික්‍ය!"

කකුල් වලට පන නෑ කියන්න දැන දැන මාණික්‍ය එලියට දිව්වා.. මුලු මූනම, මුලු පෙනුමම සුදු මැලි වෙලා තමන්ගේ ඇගේ සීතලට තමන්වම ගැහෙන්න අරන්.. ඉතින් වාහන අංගනය දිහාවට නැවතිල්ලක් නැතුව දුවපු මාණික්‍ය බැරි බැරිගාතේ වුනත් හැදුවේ මේ කෑගහන ඔරලෝසුවේ සද්දේ නතර කර ගන්න.. ඒත් බෑ.

"මාණික්‍ය! අහපං"

ඉතින් කවුරු නාවත් පබසර ඒ පිටිපස්සේ.. නෑ එයා සේරටම කලින් බය වුනා. රක්ෂිත වුනත් ඒ වෙලාවේ එතනින් ගන්න බැරුව දැගලුවත් පබසර ඒ වගකීම අරන් එතනට එද්දිත් මාණික්‍ය වෙව්ලන අතින් ඔරලෝසුව නවත්ත අසාර්ථක උත්සහයක.. ඒත් බෑ.. ඉතින් තමන්ට කරන්න පුලුවන් එකම දේ ඔරලෝසුව ගලවලා විසික් කරන එක නම්, මාණික්‍ය ඒක ගලවලා තාර පොලොව උඩ කුඩු වෙන්න ගහලා දැම්ම එකෙන් ඒකේ සද්දේ නම් නතර වුනා.. හැබෙයි,

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now