92 වන පරිච්ඡේදය

5.2K 885 497
                                    






ඉතින්.. අන්තිම සැරේට ගෙදර ආපු වෙලේ අනගි මේ දෙන්නට කියලා ගියපු දෙයක් එහෙම ලේසියෙන් අහක දාන්න බැරි වුනා.. ඒක නිසාමයි සති දෙකක විතර නිවාඩුවට ගෙදර වහලා මාණික්‍යත් මනරුත් දෙන්නම එහෙන් අතුරුදන් වුනේ..

ඒකට පෙරමං සංගීතය සැපයුවේ කහපාට මල් වලින් පිරුණු ඇහැළ ගහේ හිටපු කොහාගේ සද්දේ.. ඊටත් දැන් හරිම කාර්යබහුල වුනු දේවප්‍රිය ගෙදර සද්දේ.

ඉතින් මේ අප්‍රේල් 9 වෙනිදා.. අවුරුදු ගානකට පස්සේ මේ ගෙදර සෙනගකින් පිරිලා.. ඒකත් අවුරුදු සමරන්න.. පවුලේ කලින් ඉඳන්ම හිටපු හැම කෙනෙක් වගේම ඒකට අලුතින් එකතු වුනු අයත් මෙදා සැරේ එකට අලුත් අවුරුද්දට ඉන්නවා..

ඒ අතින් ගත්තොත් මාණික්‍ය වගේම මනරු අවුරුදු තුනකින් අවුරුද්දට ගෙදර ඉඳලා නෑ. චූටි විසුද්ගේ නම් මේ තුන් වෙනි අලුත් අවුරුදු සැමරුම.. කොහොම වුනත් උපනිට නම් මේක අලුත්ම අලුත්.

කොහොම හරි.. රූපවාහිනියේ දාලා තිබුනු නාලිකාවේ විකාශනය වෙන අවුරුදු උත්සවයක සිංදුවකින් මුලු ගෙදරම පිරිලා ගිහින් තියෙද්දි නාථ සරමකුත් ගහගෙන දිග හෝස් එකකුත් ඇදන් එයාලගේ වාහන අංගනයට ගියේ ලොකු වැඩකට අත ගහන්න.. ඒත් එතනට තව අමුත්තෙකුත් නාථගේ පිටි පස්සෙන් දුවන් ආවා.

"ආ ආ චූටි පුතා ඔන්න දැන් සීයා වතුර ගැහුවාම බබා තෙමෙයි.. කෝ එහාට වෙන්නකෝ හොඳ බබා වගේ"

නාථට ටැප් එක ඇරගන්න බයයි.. මොකද නැගිටවා ටික වෙලාවයි විසුද් බෝල බෝල වැටුනු පොඩි කලිසමකුත් ගහගෙන වාහන අයින් කරපු අංගනයට මැද්දේ අතේ සෙල්ලම් වාහනයකුත් තියන් උඩ පනිනවා.

"බා.. බා. බා.."

"කෝ හොඳ බබානේ.. දැන් සීයට මෙතන clean කරන්න ඕනෙනේ.. "

"තීයා..! මේහ්..! බා. බා කා..ලෙකහ්! "

"ඕ.. බබාගේ කා එක.."

"බා.බ්..බාගේ.."

"ඔව්නේ මගේ බබාගේ නේ.. කෝ එන්නකෝ දැන් සීයා ටැප් එක අරිනවා"

නාථ ට කියවලා ඉවරයක් කර ගන්න වෙන්නේ නැති කතාවක් ඇදිලා එනවා කියලා තේරුන ගමන් එයා කරේ එක අතකින් විසුද්වත් වඩාගෙන අනිත් අතින් වාහන අංගනයට හෝස් එක ගහපු එක.. ඉතින් නාථට ඒ වැඩේ ඉවරයක් වෙනකල්ම කම්මැලි නැතුව කියවන්න විතරක් නෙවෙයි හෝස් එකේන් වතුර නාන්නත් කෙනෙක් හම්බුනා.. ඒ කොහොම වුනත් හරියටම උදේ දහය පහු වෙනවත් එක්කම,

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now