8 වන පරිච්ඡේදය

6.4K 1.2K 168
                                    





"බෑ කියනවට වඩා ඒ උත්තරේට මං ආසයි මාණි.. නිදාගන්න හෙට නැත්තන් නැගිටින්න පරක්කු වෙයි"

මාණික්‍යගෙන් ලැබුන උත්තරේට නාථ ට ආවේ පුදුම සැනසීමක් එක්ක සතුටක්.. ඒත් ඒක එලියට දාන්න තේරෙන්නේ නැති තැන පුතාගේ ඔලුව අත ගාලා කාමරයෙන් ගියේ ඇත්තටම මාණික්‍ය අද මහන්සි වුන නිසා. හැබෙයි නිර්මල එලියට යන්න කලින් කතාවේ පසු වදන දාන්න අමතක කරේ නෑ.

"school එකට ගියපු දවසෙම කොල්ලා HP ව අල්ල ගන්න තරම් වැඩ්ඩෙක් කියලා අපි දැනන් හිටියේ නෑනේ"

"ලොකු අයියා මේ මං කාවවත් අල්ල ගත්තේ නෑ හරිද!"

"ඒක පේනවා"

මාණික්‍ය ඇස් දෙකත් රැලි කරන් කෑගහපු විදිහට නිර්මලට හිනා.

"මට ඒ යකාව පෙන්නන්න බෑ!"

"එහෙම තමයි පටන් ගන්නේ මාණී"

"මොනා පටන් ගන්නද!? විකාර කියවන්නේ නැතුව යන්න එලියට මට නිදාගන්න ඕනේ!"

මොකද්දෝ මන්දා හේතුවකට මනරුව අල්ලලා කියන හැම දේකටම මාණික්‍යට ඉවස ගන්න බැරි කේන්තියක් ඉහ්හරහට පනිනවා. ඒත් ඒකට කේන්තියක් කියන්න බෑ මොකද කේන්ති කියන දේ මාණික්‍යට එන්න ගන්නේ ඔහොම නෙවෙයි. ඒ වෙලාවට එයාව පාලනය කරන්න පුලුවන් එයාටත් බෑ. එතකොට මේ මොකක්ද?

ඉතින් තවත් මේ විකාර අහන් ඉන්න බැරුව මාණික්‍ය අයියව එලියට දාලා දොර හොඳට වහ ගත්තා. ඒ කරපු ගමන් කරේ මේසේ උඩ තියලා තියෙන වොච් එක ගාවට දුවපු එක. මේක කරන්න එයා දවල් ඉඳන් මතකේ තියන් හිටියට වැඩත් එක්ක අන්තමට ඒක අමතක වුනා. ඒත් දැන් බෑ මේක ඉවරයක් කරන්න ඕනේ නැත්තන් ඔරවෝසුව ආයෙම වෑඩ වරද්ද ගන්නවා.

"මේ මගුල"

ගෙදර අයට බම්බු ගහගන්න කියලා මාණික්‍ය ඒ වොච් එකේ heart beat එකට කෑ ගහන යකාව අයින් කරලා දැම්මා. එයාට අනුව නම් එක්කෝ මේක කැඩිලා නැත්තන් software අවුලක්.

ඒත් ඒ අවුලට මනරු මතක් කර කර දෙස් දෙවොල් තියන්න එයාට පුලුවන් පොඩි වෙලාවක් වෙන්න ඇති.. එයාගේ ෆෝන් එකට ආවේ නමක් නැති ඇමතුමක්. ඉතින් එයා ෆෝන් එක දිහා කල්පනා දෑසෙන් බලන් ඉඳලා ඇමතුම ගත්තේ අංකය ගැන සැක කරලා.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now