36 වන පරිච්ඡේදය

6.6K 1.1K 566
                                    





"ම්.. Thanks විතරද?"

අතේ තිබ්බ පේපර් එක මේසේ උඩින් තියලා මනරු අත් දෙක බැඳ ගත්තා. ඒ මූනේ තිබ්බේ කට කොනට ඇදුන හිනාවක්.. ඉතින් මාණික්‍ය ඉන්න විදිහටම මනරුගේ පැත්තට ටිකක් ඇල වුනා.

"නෑ.. අද ඉඳන් දිගටම මට ටියුෂන් කරන්න ඕනේ"

"ආහ් එහෙමද මාණික්‍ය?"

"ඔව්"

ඉතින් මනරු තිබ්බ නක්කල් හිනාව තව වැඩි කර ගත්තා.

"එහෙනම් ඉතින් මට ගෙවන්න වෙයි"

"ගෙවනවා.. කීයක් දිලත් ගන්න බැරි දේකින් ගෙවනවා"

මාණික්‍ය ඒ කිව්වේ ආඩම්බර මූනකින්. ඒ දැකලා මනරු හිනා වෙනවට වඩා කරේ යටි තොල හපාගෙන ඉස්සරහා බලාගත්ත එක.. මෙතන පන්තිය ඉතින් දැන් එයාලා ඉන්නේ ලොකුම තහනම් කලාපයේ.

"කෙලියා! ඒ බං අන්න අපේ අම්මා ඇවිත් මං ගිහින් බලලා එන්නම්"

දෙන්නා හිටපු ලෝකෙන් එලියට ආවේ පබසර ගේ සද්දෙන්. ඉතින් දැන් ගොඩක් අයගේ ගෙවල් වලින් භාරකාරයෝ එන ගමන් තිබ්බේ. එතකොට මාණික්‍යට ලොකු ප්‍රශ්නයක්.. එයාගේ ගෙදරින් කවුරු එයිද? දන්න තරමට තාත්තා ආයෙම අද උදේ factory එකට ගියා. එතකොට නිර්මල උදේම ෆුල් සුට් එකම ඇදන් එලියට බැස්සා කියන්නේ අද එයාට ලොකු meeting එකක්.. එතකොට රක්ෂිත.. එයා වත් එයිද? එයා අද මාණික්‍ය වෙනුවෙන් නිදහස් වෙයිද? ඒත්..

"අද අම්මා එනවද?"

තාත්තා principal කියන එක වෙනම දෙයක් ඒත් මේ වගේ දේවල් වලට principal කොහෙත්ම එන්නේ නෑනේ ඉතින් ඒ වෙනුවට එන්න ඉන්න එකම කෙනා මනරුගේ අම්මා..

"ම්! ඔව් දැන් එනවා ඇති"

"ම්.."

අඩු පාඩුව නොදැනුනා නෙවෙයි ඒත් මාණික්‍ය ඒක සම්පූර්ණයෙන්ම ගනන් නොගෙන ඉන්න වගබලා ගත්තා.

"අද තාත්තා එනවද? නෑත්තන් අයියා?"

මනරු ඇහුවේ නොකිව්වට මාණික්‍ය ගේ අවුල් ගිය මූන දැකලා.. මොකද මාණික්‍ය කොච්චර හොඳට කිසි අවුලක් නැතුව ඉන්නවා කියලා පිට ලෝකෙට පෙන්නන්න ගියත් එයාට ඒක මනරුගෙන් හංගන්න බෑ.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now