43 වන පරිච්ඡේදය

5.5K 1.1K 660
                                    






"ඒ මනුස්සයට කලින් අද දවල් main entrance එක ලග තියෙන cctv එක චෙක් කරන්න!"

මාණික්‍ය කෑගැහුවේ පිස්සුවෙන්. Big match කියන නම ඇහෙද්දිත් මාණික්‍ය ගේ ඇග කේන්තියෙන් වෙවිලලා යනවා.. ඒත් ගිය දේ ගියා වුන දේ වුනා කියලා හරි හිතාගෙන අද මේ වෙලා තියෙන දේ හොයා ගන්න කල්, අඩුම මනරු අතුරුදහන් වුන තැනක හෝඩුවාවක් දැන ගන්නකල් මාණික්‍යට හුස්මක් වැටෙන්නේ නෑ.

"මචං කලබල වෙන-"

"කලබල වෙන්නේ නැතුව ඉන්න මං රහත් වෙලා කියලා උබ හිතුවද!??? දැනගනින් ඒ මොකා වුනත් මං ඌව මරනවා!!"

මාණික්‍යට අර තිබ්බ මහන්සිය දැන් කොහෙද කියලා නෑ.. මොකද ඒකට හරියන්න ඇග දිගේ දුවන ලේ නහර සීමාව ඉක්මවා ගිනි ගන්නවා.. හැබෙයි වෙලාවටම,

"හරි හරි මල්ලි මේ තියෙන්නේ දවල් දෙකේ ඉඳන් තියෙන රෙකෝඩ්ස් ටික.. බලන්න ඔයා හොයන කෙන මෙතන ඉන්නවද කියලා"

ඉතින් අර කෙනා පෙන්නන තිරයට මාණික්‍ය ලං වුනේ ඉස්පාසුවක් නැතුව.. එයා විතරක් නෙවෙයි පබසරත්. නිර්මලට ඒක බලන්න ඕන වුනත් මාණික්‍ය නිසා එයා හදිසි නොකල පේන තැනක ඉඳන් අත් බැදගෙන මල්ලි වගේම මනරු ව හෙව්වා..

"මැච් එක පටන් ගත්තේ තූනට"

මාණික්‍යගේ ඉවසුම් නැති ඇස් රෙකෝඩින් ප්ලේ වේන තිරය උඩ පුදාමාකාර හෙවිල්ලකින් දුවද්දි වෙලාව සදහන් කරපු නිසාම අර මෙහෙයුම් පාලනය කරන කෙනා cctv කැමරා වල හසව තුනයි ගානක ඉදන් රෙකෝඩින් ප්ලේ කරන්න ගත්තා..

"අරූ කිව්වේ මනරුව අන්තිමට දැක්කේ මං බෝල් කරද්දි කියලා බං.. තව යවපන්කෝ"

පබසරට මතක් වුන දේත් එක්ක අර කෙනා එන්න එන්න හවස් වෙන්න තිරය යවද්දි අන්තිමට කලින් කිව්ව කලු ඇදගත්ත කෙනෙක් ssc ක්‍රීඩාංගණයේ ඇතුල්වීම දොරටුව ලගට එන විදිහ දැකලා මාණික්‍ය මවුස් එක නතර කරා.

"අඩෝ ඔය ඉන්නේ පොර! කෝ දැන් මනරු?"

"නෑ දැන් අර කොල්ලා එන්න ඕනේ.. ඒත් මූ මොකාද!??"

මාණික්‍යගේ අත නලියනවා. ඒත් ඒ ඉන්න කෙනා මීට කලින් එයත් දැකලා නැති නිසා කවුද කියලා හිතා ගන්න බෑ.. ඉතින් ටික ටික වෙලාව යනවා..

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now