79 වන පරිච්ඡේදය

4.1K 869 368
                                    







"ම්...?"

"මා...මා..හ් ඊ~~~!"

ඒක කන ගාව කීං ගාලා ඇහෙන සද්දයක්. හඩේ තීව්‍ර තාවය කොච්චරද කියනවා නම් ටික වෙලාවක් යනකල් කන ඇතුලේ ඒ සද්දේ දෝංකාරයත් දුන්නා.. හැබෙයි,

"චූටි බාප්පා තාම දොයි ද?"

"මාඊ~~~!!"

දන්න කියන කටහඩක් හැබයි ඊට පරයා ඇහෙන කන් කීං ගාන සද්දේ එක්ක මාණික්‍ය ඇස් අරින්න ටිකක් ඇද උඩ ඇඹරුනත් අනිත්ම පැත්තට පොඩි පොල්කටු හැන්දක ප්‍රමානයේ අතක් ඇවිත් එයාගේ මූනට පාරක් දුන්නත් වගේ තමයි මාණික්‍යගේ උදේ alarm එක හරියටම වැඩ කරේ.

"ආ...! චූටි බාප්පිට ගහන්න එපා සත්තලනේ..! බාප්පි පව්නේ"

"කවුද මේ උදේම නෝටි වැඩ කරන්නේ?"

ඉතින් මාණික්‍යට ඇස් අරින් ආයෙම අමුතුවෙන් දිරිගැන්වීමක් කරන්න ඕනේ නෑ. උපනිගේ හයේ පහරත් එක්ක මාණික්‍ය ඇදේ කෙලින් වුනත් වගේ එතන හිටියේ කාලෙකින් දැක්ක එයාගේ පොඩි අයියා..

"නෝටි වැඩ කරන්නේ මේ ගෙදර ඉන්න නෝටිම බබානේ නේ උපී? අපේ early bird මැඩම් අද උදේම විසු අයියටත් දුන්නා පාර!"

ඒ කියාගෙන රක්ෂිත උපනිවත් ඔඩොක්කුවෙන් තියන් මාණික්‍ය ලගින් ඉදගත්තා.. ඉදගත්තත් වගේ වුනේ කොහෙත්ම එක තැනක ඉන්න බැරි අත පය ගසන එයාගේ චූටි දුවට එතන ඕන තරමක් නලියන්න කියලා මාණික්‍යගේ සීමාවෙන් තිබ්බ එක.

"පොඩි අයියා කීයටද ආවේ?"

"ඊයේ රෑ මාණී.. මං එද්දි ඔයා නිදි ඉතින් කරදර කරේ නෑ"

"එතකොට දැන් නිවාඩුද?"

ඒ වෙද්දි උපනි හිටියේ මාණික්‍යගේ ටී ෂර්ට් එක එයාට පුලුවන් තරම් වීර්යයක් දීලා අදින ගමන්.. කොහොමත් ඒ අතකට අහු වුනු දෙයක් ආයෙම ගලවනවාට වඩා වතුරෙදි ඇලුනු දිය කූවැල්ලෙක් ගලවනවා ලේසියි.. ඉතින් මාණික්‍ය උපනිට ඕන දෙයක් කරන්න දීලා හිටියේ කලින් ඉඳන්ම තිබුනු අත්දැකීම් එක්ක.

"නිවාඩුත් තමයි.. ඒ වුනාට නෑවිත් බෑනේ අපේ ලොකු මැඩම් ගේ Birthday එක එනවනේ!"

රක්ෂිත ඒ කිව්වේ දගල දගල හිටපු උපනිගේ පස්සට පොඩි තට්ටුවක් දාන ගමන්.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now