67 වන පරිච්ඡේදය

4.7K 954 393
                                    





ඒ වචන මද හුලගේ පා වෙලා ආපු වරා මලක් කිසි හදිසියක් නැතුව අත්තක අග රැදුනා හා සමානව දැනුත්, අන්තිමට ආයේ ඒ මලේ ගමනාරම්භයේ පටන් ගැන්ම දුහුවිලි අවුස්සුන කුණාටුවක් වුනොත්..

පබසරගේ ඇස් වල අන්තිමටම රැදුනු බැල්ම අන්න ඒ වගේ.

"වෙන්න ඇති! ඒත් මෙතනින් එහාට මං තව කොච්චර ලොකු වෙන්න ඕනෙද කියලා මට තාම හිතා ගන්න බෑ!! එක අතකින් මේ සේරම ඇත්ත වෙන්න ඇති! මං කවුද??"

"පබසර.."

මොන තරම් කේන්තියක් ඒ වචන වල තැවරිලද කියලා හොඳටම දන්නවා වුනත් ඒ එක වචනයකට නිර්මලගේ එක බැල්මක් කලබල කරන්න බැරි වුනා.. ඊටත් ඒ කටහඩ හරිම තැන්පත්.. ඒත් වේදනාකාරීයි..

"නෑ ඇති!! ඇති දැන් හොඳම ඇති මටත් පිස්සු! මං කවුද ඇත්තටම!? මගේ හිතට ආයෙමත් දඩාවතේ යන්න දුන්න මොඩයෙක්!! ඇත්තටම නිර්මල අයියේ.. මට සමාවෙන්න "

"මොනාද මේ කියවන්නේ දරුවෝ.. "

පබසර ඉදන් හිටපු තැනින් නැගිට්ට හරියට විදුලි වේගයෙන්.. ඒත් නිකන් නෙවෙයි නිර්මලගේ අතට හිර වෙලා තිබුනු අතත් ඇදගෙන..

"ඔයාට මං දරුවෙක්.. ඔයාට මං ළමයෙක්!"

"අනේ දරුවෝ ඒ.."

"ඇති.. මගේ ඔලුව පිපිරෙන්න වගේ නෑ මගේ ඔලුවට කොහෙත්ම බරක් නෑ! මට පිස්සු වගෙත් නෑ! ඒ වුනාට මගේ මුලු ඇගේම ඇදුනු muscles දෙන වේදනාවට වඩා සිය ගුණේතින් මගේ හිත රිදෙනවා..! එතනින් එහාට මට ඒක කියන්න වෙන විදිහක් තෙරෙන්නේ නෑ.. ඉතින් ඔයා wife එක්ක හොඳින් ඉන්න.."

අඩන්න හිතලා වත් නෑති හිත කේන්තියටද මොනාටද කියන්න තේරුම් ගන්න බැරුව ඒ වෙනකොටත් පබසරගේ ඇස් ලා කදුලු පටලයකින් තෙත් කරලා ඉවරයි.. ඒත් නිර්මල ඒ මොන දේටත් කලින් ඕන වුනේ තමන්ගෙන් ඈතට ඇදෙන අත අල්ල ගන්න වුනත් එයා කලින්ට වඩා පරක්කුයි.

ඉතින් උඩම තට්ටුවේ ඉඳන් පහලට බැහැගෙන ඇවිත් අන්තිමට මාණික්‍යගේ කාමරේ ගමනාන්තය කරන් පබසර ඒ කාමරේ ඇතුලට ආවත් වගේ දැක්කේ තමන්ට නැති ඒත් මිතුරු පාර්ශවය විදින අර අමුතුම ජාතියේ හැගීම.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now