33 වන පරිච්ඡේදය

6.6K 1.2K 1.1K
                                    





'කුඹුක් ගහේ ඔන්චිල්ලේ නැගෙනා වාරම් මැද්දේ
ආං බලන් ටිකිරි නගා රන් ඔන්චිල්ලේ'

ඇහෙද්දිම මාණික්‍යට ලා හිනාවක් ගියා. මොකද මනරු සෙනග අස්සේ නොපෙනෙන විදිහට එයාගේ අත අල්ල ගන්න ලොකු ගේමක් දුන්නා..

"හිනා වෙන්න එපා මට ඉරිසියයි"

හැමෝම වගේ ඊලගට පටන් ගන්න අදියර ගැන හොයද්දි හැමෝම ගැවසෙන ග්‍රවුන්ඩ් එක මැද පබසරගේ මුර මැද්දේ අල්ලන් හිටපු අත මනරු ලාවට පිරිමැද්දා.. හැබෙයි පබසර.

"අයින්ඩිගේ හිත අද්දර නොකි කතා රැදුනයි
එපා එපා නොදොඩා ඉන්න සුනංගුනම් නැතිවයි"

ඉදින් නොදොඩා ඉන්න නෙවෙයි නොඅඩා ඉන්න බැරි තැන මනරු මාණික්‍ය ගේ අත අත ඇරලා එන හිනාව කාගෙන එතනින් යද්දි මාණික්‍ය ඉනට අත් දෙක තියාගෙන බිම බලන් හිමීට හිනා වුනා.. ඒක වෙනම කිතියක්.. පබසරට ඒ කිතිය තාම දැනිලා නැතුවද මන්දා තනියම හිනා වෙන මාණික්‍ය දිහා බලන් එයත් ගුරුලේත්තුව වගේ හිට ගත්තා.

"හොයි හොයි"

පබසරටම ගිය උපහාසේ. හැබෙයි ඒත් එක්කම වගේ ඇහුන නිවේදනයත් එක්ක වටේ පිටේ හිටපු හැමෝම ග්‍රවුන්ඩ් එකට ආවේ කාලෙකින් දකින්න හම්බවෙන දෙයක් බලා ගන්න වගේ.

"prefects ලගේ මොකක් කිව්වා?"

"ඒක තමයි යමං බලන්න!"

"අඩෝ සිරාවටම එයාලගේ dance එකක්ද?"

නිවේදනය විතරක් නෙවෙයි ඒක ඇහුන වටේ පිටේ අයගෙත් ප්‍රතිචාරය වුනේ පුදුමය. මොකද කලින් එයාලා එහෙම දෙයක් අත් විදලම නෑ. ඉතින් හැමෝටම කුතුහලේ.

"ආහ් මාණික්‍ය වරෙන් යන්න මේවා නම් මිස් කර ගන්න හොඳ ඒවා නෙවෙයි මචං! උබ ඌ නටනවා හරියට දැකලත් නැතුව ඇතිනේ! යමං යමං"

පබසරට තව මෙතන හිටන් ඉන්න බෑ මොකද දැනටමත් මුලු ශිෂ්‍ය නායක මඩුල්ලම ග්‍රවුන්ඩ් එකට ඇවිත් ඉවරයි. ඉතින් එයා මාණික්‍යවත් ඇදගෙන ගිහින් උඩ පඩියක් ලග නතර කරලා පහලට බැස්සා. එතනට හොඳට දැන් වෙන්න යන දේ පේනවා. ඉතින් පහල එකම ඇදුම ඇදන් ඉන්න තිහකට ආසන්න පිරිස බලන් ඉන්න අයට හරි ගති.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now