52 වන පරිච්ඡේදය

7.1K 1.1K 503
                                    






"මාණි ඔයා මනරුට කිව්වද අපි එනවා කියලා?"

සාමාන්‍යයෙන් කියන දේ කරන, කරන දේ කියන ජාතියේ ගති ලක්ෂන තියෙන කෙනෙක් විදියට නිර්මල උදේ හය වෙද්දි වාහනේ එලියට අරන් ඉවරයි. ඒකට අනිත් අයගෙත් එක පයින් තිබ්බ ඕන කම ගොඩක්ම බලපෑවා.

"ඔව් පබසරත් එතනින්ම නගිනවා ලොකු අයියා"

ඒ වෙනකොටත් මාණික්‍ය හිටියේ එයාගේ ජංගම දුර කතනයෙන් මනරුව සම්බන්ධ කරගෙන. ඉතින් නිර්මල ඔලුව වනන ගමන් වාහනේ මහරගමට හැරෙව්වා. ඒ කියන්නේ ඒ ගෙදර දවස් දෙකකට වසා ඇත කියන එක තමයි.

"මනරු අපි ආවා"

මහරගම ජනාධිපති පාසලට එහා පැත්තේ තියෙන පාරෙන් හරවලා ටික දූරක් ගිය ගමන් මාණික්‍ය කෝල් කරලා කිව්වේ දෙන්නටම එලියට එන්න.. ඉතින් වාහනේ ගේට්ටුව ලග නතර කරනකොටක් මනරු අම්මා එක්ක දොර ලගට වෙලා ඉද්දි පබසර පිටිපස්සෙන් ඇවිත් අම්මගේ කම්මුලට හාද්දක් තියලා බෑග් එක අතට ගන්නකොට නිර්මලට ඒක දැකලා කට කොනින් ලා හිනාවක් ගියා..

"කට්ටිය එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ.. නිර්මල පුතාට එද්දි උණ ගැනිලා තියෙයිද දන්නේ නෑ මේ ඇට්ටරයෝ ටික බලාගෙන"

මනරු පබසර එක්ක ඒ දෙන්නගේ බෑග් පිටි පස්සේ සීට් එක පස්සට දාද්දි අම්මා නිර්මල හිටපු සීට එක ලගට ඇවිත් වීදුරුව පහත් කරපු ද්වාරයට අත් තියන් කියෙව්වා.. ඉතින් නිර්මල හරි සන්සුන් විදිහට ඒ කතාවට හිනා වූනා.

"ඒකනේ.. උණ හැදුනොත් කට්ටියම බලාගනිවිනේ මාව"

"අනේ අහිංසක දරුවා.. ඔය මනරුට එහෙම සීතලේ ඇලවල් වලට පනින්න දෙන්න එපා පූතා මේ කොල්ලට වතුර පාරක් දෑක්කොත් ඇගේ මොකෙක් හරි නලියන්න ගන්නවා"

නිර්මලට ඇස් පොඩි කරන් හිනා වෙනවා ඇරෙන්න වෙන දෙයක් කියන්න බෑ. මොකද ඒ වෙලාවේ එතනට පබසරත් ඇවිත් වාහනේ දොරට ඇන තියා ගත්තා.

"ඔව් ඔව් නැන්දා බය වෙන්න එපා ඒ නලියන එකාට හරියන නියම බඩුව අපි ගාව තියෙනවා! ඒ නිසා මේ පාර නැන්දට හීනෙන් වත් බය වෙන්න දෙයක් නෑ! "

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now