60 වන පරිච්ඡේදය

4.2K 863 219
                                    







කිව්වේ ඇත්තක් හෝ බොරුවක් හෝ වේවා ටික වෙලාවකට එතන වටේ හිටපු අය සේරගෙම කටවල් වැහුනා. හරියට ඒ කෙනා වෙනත් භාෂාවකින් තමන්ට නොතේරෙන කුණුහරුපයක් කිව්වා වගේ.. ඒත්,

"Wait wait lady how could say something like that??"

මුලින්ම හඩ නැගුවේ රක්ෂිත මොකද ඒ වෙනකොටත් මාණික්‍ය හිටියේ ඇහුන දේ විශ්වාස කර ගන්න බැරුව. මනරුගේ නම් ඇස් රැලිකරන් තාමත් ඒ දේ හිතනවා. ඒත් පබසර කරේ කිසිම දෙයක් නොකියා කිසිම දෙයක් නොපෙන්නා මේ නම නොදන්න තැනැත්තිය දිහා බලන් හිටපු එක විතරයි..

ඉතින් මේ නන්නාදුනන තරුණිය ඒත් එක්කම කරේ එයා එල්ලගෙන හිටපු අත් බෑගයෙන් දෙයක් එලියට ඇදලා ගත්ත එක..

"look..! I'm four weeks pregnant Nirmala.. This is your baby..!"

"lady please! Anyone can show this stripe and say whatever they want bu-"

"රක්ෂි ඉන්න.."

රක්ෂිත මෙච්චර වෙලා කාටත් කලින් තමන්ගේ සහෝදරයාගේ පැත්තට කතා කරා.. මොකද දරුවෙක් ගැන, ඒකත් අහසින් පාත් වුනා වගේ කෙනෙක් ඇවිත් කියද්දි අනිත් අය ඒ විදිහට හැසිරෙන එක සාධාරණයි.. ඒත් නිර්මල මේ සැරේ කට ඇරියා. නිකන් නෙවෙයි තමන් වෙනුවෙන් කතා කරන කෙනාවත් නවත්තලා.

"සෘති.."

"සෘති?? රක්ෂී ඔයා මෙයාව දන්නවද??"

නම කිව්වත් වගේ දැන් හැමෝම කලබල වුනා..ඒත් නිර්මල නම් හැමදාමත් වගේ ඒ දිහා බලන් හිටියේ තැන්පත් නමුත් හැංගුන කලබලේකින්..

"ම්.. කවුරුත් කලබල කරන්න එපා"

"කලබල කරන්න එපා කියන්නේ ලොකු ඔයා මොනාද මේ කියන කතා!!? මෙයා කියන්නේ ඔයා මේ දරුවගේ තාත්තා කියලා! එහෙම කියනකොට අපිට කලබල වෙන්න එපා කියන්න ඔයාට පිස්සුද??"

"මං දන්නවා.. Sruthi are you sure..?"

"yeah!! You know we did that thing.."

සෘති, එ නමටම ගැලපෙන අමුතු ලස්සනක් ඒ කෙනා ගාව තිබ්බේ.. නිර්මලගේ හිත වුනත් ඒ පෙනුමට ලැදි වෙන එක වෙන්න පුලුවන් දෙයක් වුනත් දැන් තියෙන තත්වයත් එක්ක ඒ ලස්සන බය යට හැංගිලා..

ඒ කොහොම වුනත් නිර්මල හැසිරුනේ හොඳ සිහියකින්.

"හරි.. Okay.. If this is real don't worry Sruthi.. I'll marry you.. I'm promise "

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now