64 වන පරිච්ඡේදය

4.5K 897 265
                                    







ජාතික කණ්ඩායමට තේරුනා කියද්දි නාථ දුන්න තෑග්ග, අලුත්ම KG bat එක මේ වෙලාවේ පැත්තකින් තියමු.

ඒ කොහොම වුනත් පබසරට දවල් දොලහා වෙද්දි ගෙදර ඉස්සරහා ඉන්න කියලා මාණික්‍ය අන කරේ පස්සේ එහෙන්මම ප්‍රැක්ටිස් යන්න.. ඉතින් ගෙදර ගියාම අද ඉඳන් ඒ ගෙදරට එකතු වුන අලුත් සාමාජිකයෙක් ඉන්නවා කියලා තේරෙද්දි මාණික්‍යට ටිකක් අමුතුයි. එහෙමයි කියලා ඒ ගෙදර කිසිම කෙනෙක් සෘතීට වෙනසක් කරන්න ගියෙත් නෑ. ටිකක් අමුත්තකට කියලා තිබ්බේ එයා මේ අලුත් සාමාජිකයා එක්ක මීට කලින් කතා බහ කරලවත් ආශ්‍රය කරලවත් නැති එක විතරයි.

ඉතින් පිරිමිම හතර දෙනෙක් ඉන්න ගෙදර සෘතී ට ලැබුනේ විශේෂ තැනක්. ගෙදර ඉන්න එකම ගැහැණු කෙනා, පවුලේ පළවෙනි ලේලි. ඊටත් දැන් ඒ පවුලට ලග ලගම තවත් කෙනෙක් එකතු වෙන්න ඉන්නවා. ඒකත් මේ පවුලේ පළවෙනි සුරතලේ.

කොහොම හරි නිර්මලට ඉස්සරහට තමන්ගේ ව්‍යාපාරික වැඩ විතරක් නෙවෙයි තවත් වැඩ එකතු වෙන්න තියෙයි. ඒ හැම දේම හිතන තරම් දකින තරම් ලේසි නෑ.. ඒත් මාණික්‍යගේ හැටියට එයාට දැන් බැට් එක බලන්න යන ගමන වැදගත්.

ඒක නිසා හරියටම දොලහා වෙද්දි එයා පබසරගේ ගෙදර ඉස්සරහා වෙනදට ඉස්කෝලේ යන 740 le එක ගෙනත් නැවැත්තුවේ පලාතම දෙදරලා යන හෝන් එකකුත් ගහන්.

"ඔය හෝන් එක උඩින් බැහැපං මං ආවා"

දහ අට ලබපු ගමන් මාණික්‍ය මුලින්ම කරේ මොකක් කියලද හිතන්නේ..? ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් මාණික්‍ය තනියම යන ගමන් වලට කල්ප රියදුරු අසුන ගන්නේ නෑ.

"හරි"

ඉතින් ඒ ලගින් ගියපු ගෑණු කෙනෙකුත් එයාලා දිහා අමුතූවට බලන් යද්දි පබසර මූන වහන් වාහනේ නැගලා දොර වහගත්තා.

"දැන් කොහෙටද යන්නේ?"

මාණික්‍ය ආයෙම වාහනේ හරවලා කොට්ටාව හන්දියට දාද්දි පබසරට ප්‍රශ්නේ. ඊටත් එයා තාම ඉන්නේ මුනිවත රකින සමයේ.. ඉතින් වෙනදා වගේ නෑ කතා අඩුයි.. ඒ කොහොම වුනත් මාණික්‍ය දැන් අලුත්ම ව්‍යාපෘතියකට අත ගහලා ඉන්නේ.

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now