35 වන පරිච්ඡේදය

6.3K 1.2K 550
                                    


"sure ද? දැන් හොඳටම තිබහයි කිව්වා නේද?"

ෆෝන් එක ඔබන ගමන් ඒ සිහියෙන් රක්ෂිත ඇහුවේ. මාණික්‍ය නම් අයියා දිහා බලන් ඉද්දි නිර්මල ඔව් කියන්න ඉගිකරගෙන සීට් එකට බර වුනා.

"ම්..! ඒත් දැන් ඕනේ නෑ.. ඉතින් ඉතින් විස්තර කියන්න බලන්න අද දවසේ"

තමන් ගාවට ඇදගත්ත පබසරගේ පෙප්සි එක කටගාන ගමන් නිර්මල හරිම ශාන්ත කතාවෙන් ප්‍රශ්න කරා. ඉතින් මුලින් උත්තර දුන්නේ මනරු.

"අද නම් කියලා වැඩක් නෑ අයියා.."

කට ගත්ත ගමන් අත් දෙක බැදගෙන මනරු ඒ කියද්දි පබසරගේ මූන බලපු මාණික්‍යව නිකන්ම රතු වුනේ ඒ වෙලාවේ පබසර තොල් උලා කරලා හාදුවක් දෙනවා වගේ රගපාලා පෙන්නපු නිසා. එකම හොඳේ ඒක නිර්මල නොදැක්ක එක.

"ආහා.. ඒ කියන්නේ දවස නැගලා ගිහින් වගේ.."

නිර්මල ගේ ආයෙම ප්‍රශ්නයක්.

"නැතුව අයියේ! අද දවස නැගලා ගියේ අස්සයගේ පිටේ! අසරුවත් නරකම නෑ!"

ඉතින් පබසර කිව්ව දේට නිර්මලට හිනා. මාණික්‍ය දමාගෙන රවනවා. මනරුට නම් ගානක් නෑ යාලුවා කියවන පිස්සු කතා වලට වෙනදට දෙන අර සුපුරුදු බැල්ම දීගෙන අහන් ඉන්නවා. ඒ මොනා නැතත් පබසරගේ කියවිල්ල ආයෙම පටන් ගත්තා.

"අයියා දන්නේ නෑ මාණික්‍ය දැම්මා dance එකක් ආයේ ඉතින් මනරු කැලේ! ඔන්න බලන්නකෝ මං අද කියනවා මිනිහා කවදා හරි ලංකා ඉතිහාසයට අලුත් වන්නම් දායාද කරලා තමයි පස්ස බලන්නේ!"

"අනේ උබ හිටපං"

පබසර කටින් විතරක් නෙවෙයි අත් වලිනුත් කතාව. ඉතින් කට්ටියම එයාගේ කතාව රස කර කර අහන් ඉන්න ගමන නිර්මල කතාවට කොහෙත්ම බදා නොවෙන විදිහට අත වැදිලා කිලෝ මීටර් ගානක් විසි වෙන්න තියෙන අසරන පෙප්සි කප් එක හිමින් සීරුවට පැත්තකට කරලා ආයෙම සීට් එකට ඇන තියන් කතාව රස වින්දා. ඒ අස්සෙන් අස්සෙන් මාණික්‍ය මැද්දට පැනලා ඇඩ් දාපු එක වෙනම කතාවක්.

"ඉතින් පබසරටත් national team එකට යන්න අදහසක් නෑ?"

"ඒක තමයි අයියා dream එක.. නේ මාණික්‍ය!"

කස්තුරි සුවඳ ✓ Where stories live. Discover now