Chapter..03

48 13 4
                                    

03. කොටස..

තේ බීලා ඉවර වෙලා අපි ෆිල්ම් එකක් දාගෙන බැලුවා.ඒ බලලා රෑට කෑමත් ඕඩර් කරලා තුන් දෙනාම කෑවා. කාලා නිදාගන්න ඇදට ආවත් නින්ද යන්නෙ නෑ.නිකන් ස්ට්‍රෙස් වගේ. එක්සෑම් එක හොදට පාස් වෙන්න ඕනෙ.මොකද යුනි ගිහින් ඉවර උනාම මම මගෙ බිස්නස් බාර ගන්න පොරොන්දු වෙලා ඉන්නෙ. ඒත් මම හිතන්නෙ graduation එකට කලින් අපට මාස 6ක් වත් ඉන්ටර්න් යන්න වෙයි. ඒකටත් ඉතින් මගෙ කොම්පැනි එකට යන්නත් බැහැනෙ. කල්පනාවෙන් කල්පනාවෙන් නින්ද ආවෙ කොයි වෙලාවෙද කියලා වත් මම දන්නෙ නෑ.
.............................................................................

යුනි එකටත් ගිහින් ඇඩ්මිශන් සයින් කරලා මම ශුයා වත් ඇදගෙන ආවෙ කැෆේ එකට.

"අර කොල්ලා අද නම් නෑ බන්.."
මම කිව්වෙ අපේ පුරුදු තැනින් වාඩි වෙන ගමන්.

" ඒක අහම්බයක් වෙන්න ඇති .. "
කතාවක් දාගෙන අපි දෙන්නා ඉක්මනට කාලා බීලා ඉවර කලේ ගෙදර යන්න ඕන නිසා.ගිහින් පාඩම් කරන්න පටන් ගන්න ඕන.එක්සෑම් එකට තව සති දෙකයි තියෙන්නෙ.
ඒත් අපි එතනින් එන්න හදනකොටම අපේ ටේබල් එකෙන් වාඩි උනේ ලීයින්ග්. මායි ශුයායි මූනෙන් මූන බලාගත්තෙ මේ මොකෝ කියන්න වගේ.

" ශුයැන්ග් .. ප්ලීස්.. මට ටිකක් යීබෝ එක්ක කතා කරන්න ඕනෙ.. වැඩි වෙලාවක් යන්නෙ නෑ..."
ලීයින්ග් නොකියා කිව්වෙ මෙතනින් යන්න කියලා වෙනකොට ශුයා බැලුවෙ මම දිහා. මම සන් කරේ අවුලක් නෑ කියලා.මේකත් විසදගෙනම ගියාම ලේසි.

" ඕකේ.. එහෙනම් මම අර ටේබල් එකෙන් ඉන්නම්කො"
ශුයා යන දිහා බලන් ඉදලා ලීයින්ග් හැරුනෙ මගෙ දිහාවට.

" ඇඩ්මිශන් සයින් කරලා මම ඔයාව හෙව්වා පොඩ්ඩක් කතා කරන්න.. ඒත් මම එනකොට ඔයාලා හිටියෙ නෑ.. ඔයාලා හැමදාම මෙතනට එනවා කියලා දන්න නිසා මම මේ දුවගෙන මෙතනට ආවෙ.."

"කියන්න ලීයින්ග් මම අහගෙන ඉන්නෙ.."

" මේ මේකයි යීබෝ.. මම ඔයාට ඇත්තටම ආදරෙයි .. මෙච්චර කාලෙකට මම ඔයාට කරදරයක් උනේ වත් නැහැනෙ.. ඒත් අදින් පස්සෙ අපිව මුන ගැහෙන එක සෑහෙන්න අඩු වෙයි.. බින් අතේ ඊයෙ පනිවිඩයක් එව්වෙත් ඒකයි මම.ඒත් ඔයා කැමති නෑ කියලා තිබ්බා.."
ලීයින්ග් කිව්වෙ අත් දෙකත් පටලව පටලව බිම බලාගෙන.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now