Chapter..13

24 8 9
                                    

අනේ දෙයියනේ පව් එයා. සැහෙන්න දුක් වින්ද කෙනෙක් වෙන්න ඇති. එහෙම කෙනෙක් තවත් දුක් විදින්න ඕනෙද මම නිසා ? හොදම දේ හැම දේම කියලා මෙයාගෙන් ඈත් වෙන එක. මෙච්චර දුක් විදලා තියන මෙයාව තවත් ගින්දරකට ඇදල දන්න කොහෙත්ම මට බැහැ දෙයියනේ. හොදම දේ මේක මෙතනින් ඉවර කරන එක. මොකද තවත් මම ගැන බලාපොරොත්තු තියාගෙන නිකන් විදවන්න ඕනේ නැහැනෙ.

මම එයා දිහා බැලුවේ සේරම කියන්න,

"මේ..."

.............................................................................
13. කොටස..

"මේ.. මේකයි.. ඔයා මම ගැන හරියට දන්නවද නැද්ද දන්නෙ නෑ..."

"මම ඔයා ගැන හැම දේම දන්නවා.. හැමදේම..."
මම් කියන්න හදපු එක නවත්තලා එයා කිව්වා. මම පුදුමෙන් ඇස් ලොකු කරලා බැලුවෙ එයා දිහා. එයා මොනවද දන්නෙ මම ගැන.

"ඔයාගෙ මමා පපා කව්ද කියලා ඔයා හැන්ගුවට මම දන්නවා ඉතින් .. ඔයා වැඩ කරන්නෙ මගෙ යාලුවා ලගනෙ.. එයාගෙ පපාගෙ හොදම යාලුවා තමා ඔයාගෙ මමාගෙ අයියා.. මම හරිනෙ.."
මම ඔලුව වැනුවා. ඒ ටික ඉතින් එයා මිස්ටර් කුවාන් ගෙන් අහගන්න ඇති. ඒත් එයා එතනින් එහා දෙයක් දන්නෙ නැහැනෙ.

" ඒ ඔක්කොම හරි.. ඒත් තව දෙයක් තියනවා.."
එහෙම කියලා මම එයා දිහා බලන් හිටියෙ එයා මොනවා කියයිද බලන්න. ඒත් එයා මම දිහා බලන් හිටියෙ මම කියනකන්.

" මට අරමුණක් තියනවා. මට ඒ අරමුණට යනකන් කිසිම බැදීමක් ඇති කරගන්න උවමනාවක් නැහැ. මගෙ මමාගෙ පපාගෙ ඇක්සිඩන්ට් එක මර්ඩර් එකක් කියන්න මම මේ වෙද්දි හොයාගෙන තියෙන්නෙ. මට ඒක ගැන හොයලා මගෙ හිත නිදහස් කරගන්න ඕනෙ.මට ඒක නිසා වෙන දේවල් වලට හිත යොදවන්න අමාරුයි.."

අමාරුවෙන් උනත් මම කියලා දැම්ම. එයා මම දිහා බලන් හිටියෙ හරි අමුතුවට.

" ඔයා හිතනවද මම මොකුත් කරගන්න බැරි විදියෙ
මිනිහෙක් කියලා..? ඔයාට හිතෙන්නෙ නැද්ද මමත් මේකට හවුල් උනොත් ඔයාට පහසුවක් කියලා?"

" කොහෙත්ම නෑ.. මොකද මගෙ පලිගැනීම ඉවර වෙද්දි මම මොන තත්වෙක ඉදීද දන්නෙ නෑ.. මට බෑ තව කෙනෙක් අනතුරේ දාන්න.."

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now