Chapter..11

29 9 1
                                    

කල්පනාවෙන්ම මම වටපිට බලනකොට අහම්බෙන් දැක්කෙ අපේ ගෙදර ඉස්සරහ තියන පාර අයිනේ වාහනේ නවත්තගෙන මේ පැත්තම බලාගෙන ඉන්න එයා. දෙයියනේ ගොඩක් වෙලාද දන්නේ නෑ ඇවිත්. වැඩට ඇවිත් හිටියා ඇදුම් පිටින්ම තාම ඉන්නේ. ඒ කියන්නේ එයා ගෙදර ගිහින් නැහැ. එයා මට හිනා උනේ මම එයාව දැක්කා කියලා දැක්කට පස්සේ. ,මට හිනා වෙන්නත් අමතක උනා. මම කල්පනා කලේ එයා ලගට යනවද නැද්ද කියලා. ඒත් මෙච්චර කල් ලොකු කම් දාලා එක පාරට එයා ලගට දැන් ගියොත් මගේ ගැන බලාපොරොත්තු ඇති කර ගනී. එක නිසා ඕනේ නැහැ යන්න.

............................................................................................................

12. කොටස..

ඒත් ඉතින් මේ මනුස්සයා ඇවිත් ඉන්නේ මම වෙනුවෙන් නේද කියලා හිතෙද්දි යන්නත් හිතෙනවා. ඔන්නොහෙ යනවා. තව පාරක් එයා දිහා බලලා එයා ලගට යන්න හදද්දී මම දැක්කෙ වාහනේට නගින එයාව. එයා යන්න හදන්නේ. හ්ම්ම්.. එකත් හොදයි එක අතකට. බැල්කනි එකේ වැටටත් බර වෙලා මම එයා යනකන්ම බලාගෙන හිටියේ හිතට දැනෙන අමුතු හැගීමත් එක්ක. තව වතාවක් මම දිහා බලලා එයා යන්න ගියා. එයාට ඒ තරම් මාව වටිනවද.. හ්ම්ම්..තව ටිකක් වෙලා බැල්කනි එකට වෙලා ඉදලා මම ඇවිත් නිදාගත්තා. හෙට උදේ 10 වෙද්දී චෙන්ව මුණගැහෙන්න යන්න ඕනේ.

#############################

ශුයා වත් ඇදගෙන මම ආවේ වෙනදා එන කැෆේ එකට. ඒ වෙනකොටත් චෙන් ඇවිත් හිටියා.අපි තුන් දෙනාටම කොෆි ඕඩර් කරලා මම චෙන්ගේ මුණ බැලුවේ කතාව පටන් ගන්න.

" මේකයි චෙන්.. මම අද හම්බෙන්න ඕනේ කිව්වේ ඊයේ මාමි කතා කරලා මට කිව්ව දේ ගැන කියන්න. එක නිසා තමා මේ සේරම වෙන්න ඇත්තේ කියලා මට හිතෙනවා."

කොෆි එකත් බොන ගමන්ම චෙන් මගේ දිහා බලන් හිටියේ කතාව කියනකන්.

"අපේ මමා ලොකුවට කෙස් බාරගත්ත කෙනෙක් නෙමෙයි කියලා දන්නවනේ. ඒත් අන්තිම කාලේ මමාට කෙස් එකක් ඇවිත් තියනවා. අවුරුදු 14ක ළමයෙක්ගේ රේප් කෙස් එකක්. මේක කරලා තියෙන්නේ කව්ද කියන්නනම් දන්නේ නැහැ. හැබැයි ඒ ගෑණු ළමයාගේ දෙමව්පියන්ට ලොකුවට සල්ලි තියෙන අය නෙමෙයිලු. ඉතින් අපේ මමා මේක බාර අරගෙන තියෙන්නේ අනුකම්පාවට. ඒත් එක නඩු වාරෙකින් පස්සේ මමාට තර්ජනය කරලා නිර් නාමික  කෝල් එකක් ඇවිත් තියනවා. මමා ඒක මාමි එක්ක විතරයි කියලා තියෙන්නේ. පපා එක්ක වත් කිව්වේ නැහැලු එයා බය වෙයි කියලා. ඒත් එයා නඩුව අත් ඇරලා නැහැ. මේක සැකයක් විතරයි. ඒත් මට හිතෙනවා මේක අපේ මමාලගේ ඇක්සිඩන්ට් එකට සම්බන්දයි කියලා."

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now