Chapter..16

22 7 5
                                    

කාලෙ ගෙවෙන්නෙ අස්ස වේගෙන්. එදා ඒ දවසෙන් පස්සෙ දැන් සති දෙකක් ගෙවිලා ගිහින්. ඒත් තාම මට ඒ දවස එයාගේ ඒ උනුසුම තාම අමතක කරන්න බැරි උනා.

.............................................................................

16. කොටස..

ඒ දවසෙන් පස්සේ මට තාම එයාව හම්බුනේ නැහැ. මොකද මාස ගානක් වෙන රටක හිටපු නිසාද කොහෙද එයා සැහෙන්න බිසී උනා. හැබැයි පුළුවන් වෙලාවට කෝල් එකක් දීලා සැප දුක අහන්න අමතක කලේ නම් නැහැ. ඔව් ඔව් එදා ආපහු යනකොට එයාට මම මගේ නම්බර් එක දුන්නා. එච්චර ලොකුකම් පෙන්නන්න හිත දුන්නේ නැහැ මම වෙනුවෙන් එච්චර දෙයක් කරපු එයාට. ෆෝන් නම්බර් එකත් එක්කම මගේ මුළු හිතත් එයාටම දුන්නා. හැබැයි එයාට ඒක කියන්න හිත දුන්නේ නැහැ මට. මට ඕනේ උනේ හැම ප්‍රශ්නයක්ම විසදගෙන එයා එක්ක සතුටින් ඉන්න. හැබැයි ඒක මම ගත්ත මෝඩ තීරණයක් කියලා මම වත් දැනගෙන හිටියේ නැහැ.

.............................................................

කාලය ගෙවිලා යන්නේ කොච්චර වේගෙන්ද කියලා මට වත් හිතාගන්න බැහැ. හිතාගන්න බැරි තරම් ඉක්මනට අපේ ට්‍රේනිං එකත් ඉවර වුනා. අද අපේ graduation එකත් ඉවර උනා. මේ සති අන්තෙන් පස්සේ මගේ බිස්නස් මම බාර ගන්න ඕනේ. ඊට පස්සේ මාමියි නැන්දියි දෙන්නා ඉතාලි යනවා කිව්වා පදිංචියටම. එයාලගේ ශෙයාස් වල ගාන මන්ත්ලි එයාලට දාන්න කිව්වා. ආයෙත් පුරුදු විදියටම මම තනි වෙනවා. ඒත් ඉතින් එයාලගේ නිදහසට මට බාදා කරන්නත් බැහැනේ. මෙච්චර කල් එයාලා කැපවීම් කරේ මම වෙනුවෙන්. අපේ කම්පැනි එක වෙනුවෙන්. graduation එකට මට තෑග්ගක් විදියට එයාලගේ තියන හැම වත්කමක්ම මට පැවරුවේ එයාලා අයෙත් මෙහෙ එන්නේ නැති නිසා. ආවත් ඉතින් මාත් එක්ක ඉන්න පුළුවන්ලු.

හ්ම්ම්.. කල්පනා කරද්දී නිකන් පිස්සු වගේ. අද රෑට අපේ කැම්පස් එකේ ළමයි එකතු වෙලා පාටි එකක් සතුට සමරන්න. ආයෙත් ඉතින් කවදා කොතැනදී මේ කට්ටිය හම්බ වෙයිද කියන්න දන්නේ නැහැනෙ. මමයි ශුයා යි දෙන්නා ලැස්ති වෙලා කැබ් එකකුත් දාගෙන හොටෙල් එකට අවා.

"කට්ටිය දැනටමත් ඇවිල්ලා වගේ නේද යීබා.. අපි පරක්කුයි"

"කමක් නෑ ඔන්නොහෙ ... තාම 7ටත් නැහැනෙ.."
අපි යනකොටත් සෙට් එක ඇවිත් ටේබල් වල.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now