Chapter..12

26 11 5
                                    

"අපෝ ඇති යන්තම්.. ඔයාගේ වැඩ ඉවරද?.. යන් මම ඔයාව ඩ්‍රොප් කරන්නම්.."

මම මොකුත් නොකියා ඔලුව වැනුවේ නොකිව්වට මටත් එයත් එක්ක ඉන්න ආස නිසා.

.............................................................................
12. කොටස..

එයා එක්ක ඇවිත් කාර් පාර්ක් එකේ තිබ්බ එයාගේ කාර් එකේ පැසෙන්ජ්ර් ශීට් එකට නැග්ගත් ශටර් එකෙන් එලිය බලාගෙන හිටියෙ ලැජ්ජයි වගේ නිසා. කවදාවත් නොතිබ්බ ලැජ්ජාවක් මට මෙයා ඉස්සරහ තියෙන්නෙ. කතා කරන්න දේකුත් හිතාගන්න බැරි නිසා මම ඔහේ බලන් ඉන්න අතරෙ මෙයා කාර් එක පාරට දැම්මා. ඒත් එක්කම මට කෝල් එකක් ආවෙ ziyi ගෙන්.

" කියන්න ziyi.."

"අනේ යිබෝ.. මට තව ලොකු උදව්වක් ඕනෙ ඔයාගෙන්.. ප්ලීස් බෑ කියන්න එපා.."

"කියන්න.."
කතා කරන ගමන් මම දැක්කෙ මගෙ කෝල් එකට අවදානෙන් එයා කාර් එක පදිනවා. මට හිනා ඉතින් මෙව්වාට.

" මේකයි.. මම කේක් එක ඕඩර් කරන්න අද යන්න හිටියෙ.. ඒත් ශූ මාව ගෙදරට ඩ්‍රොප් කරන්න එනවලුනෙ.. මම පුලුවන් තරම් මගාරින්න බැලුවා. ඒත් හරියන්නෙ නෑ. මම මේ වොශ් රූම් යනවා කියලා ඇවිත් ඔයාට කෝල් කලේ.. අනේ ප්ලීස්.. යීබෝ පුළුවන් නම් ඒ වැඩේ කරලා දෙනවද?"

" හරි හරි මම කරන්නන්. ඩිසයින් එකක් තියනවානම් මට එවලා තියන්න. මොකද්ද ශොප් එක??"

"හරි.. මම ෆොටෝ එකක් එවන්නම්.. ඔයා Paris Baguette එකට යන්න. එයාලාට ඩිසයින් එකයි ඇඩ්‍රස් එකයි දුන්නම ඩිලිවර් කරනවා. මම ඔයාට ඒ ටික දෙන්නම්.."

"හ්ම්ම්.. හරි මට විස්තර ටික දාන්නකො. මම වැඩේ කරන්නම්.. බායි..ziyi .."

"අනේ තෑන්ක්ස් යීබෝ.. බායි.."
කෝල් එක කට් කරලා මම බැලුවෙ කැෆේ බෝයි දිහා. ඒත් මම මොකක් කියලද එයාට කතා කරන්නෙ..

ක්හ්ම්...
උගුර පෑදුවාට හරි ගියෙ නෑ වගේ .එයා ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරනවා.

" මේ... මිස්ටර් ශාන්.."
ඔන්න ඒ පාර නම් මම දිහා බැලුවා.

" මේ.. මට පොඩි වැඩක් නිසා ආයෙත් ටවුන් එකට යන්න වෙනවා. ඔයා මාව මේ හරියෙන් දාලා යනවද?"

ඔය නෙතු මගෙමයි..जहाँ कहानियाँ रहती हैं। अभी खोजें