Chapter..06

34 9 2
                                    

06. කොටස..

"ඇයි ඔහොම බලන් ඉන්නෙ බබා.. මම දන්නවා මම
ලස්සනයි කියලා .."
එයා කිව්වෙ හිනා වෙලා. දෙයියනේ මම මෙච්චර වෙලා කල්පනා කරලා තියෙන්නෙ මේ මනුස්සයාගෙ මූණ දිහා බලාගෙනද? යසයි යසයි බෝ.. ඔයිට වඩා හොද නැද්ද මේ දොරත් ඇරගෙන එලියට පැන්නනම්..
..........................................................................................................................................

 ඔයිට වඩා හොද නැද්ද මේ දොරත් ඇරගෙන එලියට පැන්නනම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා ඩ්‍රයිව් කරද්දී හරි ලස්සනයි හැබැයි. විලි ලජ්ජාවට රතු වෙන්න තවත් තැනක් මගේ මුණේ නැති වෙද්දී මම අහක බලාගෙන හිතුවා. මොනා උනත් ඇත්ත කියන්න එපැයි. එයා හරියට එන්ජල් කෙනෙක් වගේ.

" මම ඔයා කෝල් කරයි කියලා බලන් හිටියා බබා.."

කිසිම ගානක් නැතුව බබා කියන ලස්සන ඇත්තට. මේ වාහනේට නැග්ග මට ගහලා මදි.

"ඇයි ඔයා මට කෝල් කරේ නැත්තේ?" මගෙන් උත්තරයක් නැති තැන එයා ආයෙමත් ඇහුවා.

"ඇයි මම ඔයාට කෝල් කරන්න ඕනේ? "

" ඉතින් ඔයා මගෙනේ.."

ආයෙත් මගුලක් කියවනවා. තවත් කතා කරලා වැඩක් නැති නිසා මම ශටර් එකෙන් එලිය බලා ගත්තා. ගෙවල් වලට හරවන පාරට වාහනේ දාපු නිසා මම පුදුමෙන් බැලුවේ එයා දිහා. ඒත් පුදුම වෙන්න දෙයක් නැහැනෙ. එයා දන්නවා ශුයා ලගේ ගෙදර. ශුයා ලගේ ගෙදරට පොඩ්ඩක් මෙහායින් වාහනේ නවත්තලා එයා හැරුනේ මම දිහාවට.

" බබා මම සීරියස් කියන්නේ ... මම බලන් හිටියා ඔයා කතා කරනකන්.."

" යීබො .. මගේ නම.. මට බබා කියන්න එපා. නමින් කතා කරන්න. අනික මට ඔයාට කතා කරන්න කොහෙත්ම උවමනාවක් නැහැ.."

" අපෝ මෙයාගේ සැර.. උවමනාවක් නැත්තම් උවමනාවක් ඇති කරගන්න බබා. අනික ඔයාගේ නම ලස්සනයි තමා.. ඒත් ඔයා මගේ බබා.. ඒක ඔය ඔලුවට දාගන්න." එයා කතා කරේ ටිකක් තදින් වගේ. අනේ මට මොකෝ. මගේ ඇගේ වදින්නේ නැහැනෙ. මොකුත් නොකියම මම දොරට අත තිබ්බෙ බහින්න බලාගෙන. තවත් කියවලා තේරුමක් නැහැනෙ. ඒත් දොර ලොක් කරලා.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now