Chapter..10

38 8 2
                                    




අදත් ඒ වගේ ගොඩක් බිසී දවසක්. අද මිස්ටර් කුවාන් නෑ. එක නිසා ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට අමතරව ඔෆිස් එකේ වැඩත් බලන්න උනා. හවස් වරුවේ Ju Jingyi ආවේ පොඩි අවුලක් වෙලා ඒක විසදගන්න. අදත් ඒකි වැඩේට වඩා ඇගට එනවා තේරුනත් මම ගණන් ගත්තේ නැහැ.  ලැප් එකටම ඔලුව නමාගෙන හිටපු අපි දෙන්නා ඔලුව උස්සලා බැලුවේ කැබින් එකේ දොර ඇරෙන සද්දෙට. මිස්ටර් කුවාන් එලියට ගිහින් ඇවිත් තිබ්බේ. ඒත් එයා පිටිපස්සෙන් ඇතුලට ආව රූපේ දැකලා මට පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටම. කැෆේ බෝයි.. ඒ මනුස්සයට ත් ඇතුලට එද්දිම නැගිට්ට මම දිහා බැලුන වගේම මාව දැකල  ඒ ඇස් පුදුමෙන් ලොකු උනා. මොන හතර විලි ලජ්ජා නැති වැඩක්ද ඒ වුනේ. උබට නම් යිබෝ අනේ මන්දා. මම ඉක්මනට පුටුවෙන් වාඩි වෙලා ලැප් එකට එබුනේ පුදුමෙන් වගේ මන් දිහා බලන් ඉන්න Ju Jingyi දිහා වත් නොබලා.

.........................................................................................................................................................

10. කොටස...

හොරෙන් වගේ ඔලුව උස්සලා බලපු මම දැක්කේ අපි දිහා රවාගෙන වගේ බලාගෙන ඉන්න කැෆේ බෝයි. කුවාන් සරුත් ඉන්නවා අන්ද මන්ද වෙලා වගේ කැෆේ බෝයි දිහා බලාගෙන.

"මිස්ටර් කුවාන් .. මෙයාද අපේ අලුත් ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නේ..?"

අපි දිහා රවාගෙන බලන් හිටපු කැෆේ බෝයි කුවාන් සර් දිහාට හැරිලා ඇහුව.

"ඔව්.. අපේ ට්‍රේනිං ඉන්න කෙනෙක්. වැන්ග් යිබෝ.."

"හ්ම්ම්.. ඒ වගේ කෙනෙක් විස්වාස කරලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් බාර දෙන්න පුලුවන්ද ..? අයි මීන් මෙයා තාම ට්‍රේනි කෙනෙක්නෙ.."

අනේ මේ කැෆේ අයියා.. අපේ සර්ට මාව විස්වාසයි නම් ඔයාට මොකද්ද තියන අමාරුව කියලා අහන්න හිතුනත් ආයෙම කට වහගත්තේ මට දෙන්නගෙන්ම කනේ පාරවල් දෙකක් කාල එලියට බහින්න වෙයි කියලා සාදාරන සැකයක් ආව හින්දා. කියන්න බැහැනේ හොදම යාළුවොනේ ..

"නෑ .... මට විස්වාස නිසා තමා බාර දුන්නේ.. අනික මම මේක ප්‍රයිවට් බලනවා.."

"හ්ම්ම්.. මිස් Jingyi .. මට කියන්න බලන්න ප්‍රොජෙක්ට් එකේ ප්රෝග්රස් එක .. "

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now