Chapter..21

23 3 2
                                    

" ආ.. තව දෙයක්.. මගෙ දුව ශාන්ට කැමතී.. තමුසෙ එයාගෙන් ඈත් වෙලා ඉන්නවා.. මිනිහට මම කරපු යෝජනාව ප්‍රතික්ෂේප කරේ තමුසෙ නිසා කියලා අපි දන්නවා.. අපේ බාදක නැති කරන්නෙ කොහොමද කියලත් හොදටම දන්නවනෙ.. ඒ හින්දා කියපු විදියට කරන්වා.."

එහෙම කියලා එ මිනිහා කෝල් එක කට් කරේ මමයි ශුයා යි මූනෙන් මූන බලාගද්දි .
...........................................................................

21. කොටස..

" එතකොට ඇමතියා කෙලින්ම ගේමට බැහැලද බන්.. පුතා වෙනුවෙන්.."

" මට පේන්නෙත් ඒ වගේ.. මොකද මේ වගේ කේස් ගොඩක් එලියට ආවොත් මිනිහට අකුලාගෙන ගෙදර යන්න වෙනවා.."

"හ්ම්ම්.. මොකද්ද බන් දුවගේ කතාව?"

" මිනිහට දුවෙක් ඉන්නවා. තාම කොලේජ් යන්නේ. මම හිතන්නේ එයා ගැන වෙන්න ඕනේ කියන්නේ. වෙන දුවලා නැහැනේ. ඒත් මම කල්පනා කරේ ශාන් ඒ කෙල්ලට අකමැති මම නිසා කියලා මිනිහා කොහොමද දන්නේ කියලා.."

"ඒක තමා.. එක්කෝ මිනිහා උබලා දෙන්නව ෆලෝ කරනවා.. එහෙම නැත්තම් මිස්ටර් ශාන් කෙලින්ම කියන්න ඇති උබට කැමති කියලා.."

ඕනේ එකක්. බලමුකෝ. වෙන දෙයක් වෙයිනෙ. ඕනෙවට වඩා හිතන්න ගියාමත් ප්‍රශ්න.එහෙම හිතලා අපි දෙන්නා නිදාගත්තා.

පහුවදා උදේ වැඩට යන්න තියන නිසා ශුයා ගියා. ඌ ඔෆිස් එකේ ඉන්න නිසා මම අදත් ගෙදර නැවතුනා. කරන්න වැඩ ගොඩක් මගේ ඔලුවේ තියනවා. ඔක්කොම අද දවස ඇතුලත කරගන්න ඕනේ. ගේ වටේටම CCTV හයි කරනවා. අපරාදේ මට කලින් කරන්න තිබ්බ දෙයක් ඒක. වැඩේ තියෙන්නේ වැඩි හරියක් මම ඉන්නේ තනියම නිසා මාව මරලා ගියත් කව්රුත් දැනගන්නේ නැහැ . ඇමති සෙන්.. අපි බලමු..

ඊයේ ගිය වෙලේ ඉදන් ශාන් ගෙන් කෝල් එකක් නැති නිසා කෝල් එකක් අරන් බැලුවත් එයා කෝල් එක කට් කරා. තාම උදේ නිසා වැඩ වලට බිසී ඇති එයා. මට එයාගෙන් දැනගන්න දෙයක් තියනවා.. හුම්ම්..

අරුන් ඇදලා දාලා තිබ්බ රූම් එක අස් කරලා ඉවර වෙද්දී දන්නෙම නෑ දවල් වෙලා තිබ්බා. දවල්ට මොනවා හරි හදාගන්නවා කියලා හිතාගෙන කිචන් එකට යද්දී මිදුලේ වාහනයක් නවත්තනවා ඇහුනා. එයා ඇවිත් ගේට් එකේ රිමෝට් එක තියෙන්නේ එයා ලග විතරයිනේ. මම කිචන් එකට යන එක පැත්තකට තියලා ඉස්සරහට ආව. එයා වැඩ කරන ගමන් ද කොහෙද.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now