Chapter ..14

24 6 7
                                    

මම පපුවටත් අත තියාගෙන කල්පනා කරේ උන දේ. ඒ වෙලාවෙ අත දිගෑරලා එයාගෙ කනට එකක් ගහන්න පුලුවන් කම තිබිලත් මම ලැජ්ජාවෙ රතු වෙවී හිටියා. එයා හිතයිද දන්නෙ නෑ මම එයාට කැමති කියලා. මම හැසිරුනේ නිකන් ෆස්ට් කිස් එක ගත්ත කෙල්ලෙක් වගේනෙ අප්ප.ශික් මටම ලැජ්ජයි එහෙම හිතෙද්දිත්. මට එයා ලගදි දැනෙන්නෙ හරි සැහැල්ලුවක්.. ඒත්. ශික්. මම නම් මහ කරුමක්කාර කොල්ලෙක්..
.............................................................................
14. කොටස..

හිතන එක නවත්තලා ඉක්මනට වොශ් එකක් දාගෙන නිදාගන්න ආවෙ හෙට උදේ අර ගෝතයා සර්ප්‍රයිස් කරන්න එක්ක යන්න ඕන නිසා වගේම තවත් හිතන්න ගියොත් කොහෙන් නවතින්න වෙයිද කියලා හිතාගන්න බැරි නිසා.

පහුවදා ශුයා ට බොරුවකුත් කියලා ඌවත් ඇදගෙන මම ගියෙ ziyi එන්න කියපු තැනට. යනකන් නහයෙන් අඩ අඩ ගියෙ ziyi ට උපන්දිනේ මතක නැහැ කියලා. හැබැයි එතනට ගියාම නම් ඇත්තටම එයාට සතුටුයි. කේක් කපලා කේක් කාලා මම ගත්ත තෑග්ගත් දීලා මම ආපහු ආවෙ ඒ දෙන්නට තනි වෙන්න ඉඩ දීලා..

තවත් මාස තුනක කාලයක් ගෙවිලා ගියෙ දන්නෙම නැතුව. දැන් මම ට්‍රේනින් ඇවිත් මාස 4 කට කිට්ටුයි වගේම මේ කම්පැනි එකේ සෑහෙන ප්‍රොජෙක්ට් ප්‍රමානයක් මගෙ අතින් හැන්ඩ්ල් උනා. ඒ තරම් මිස්ටර් කුවාන්ට මාව විස්වාස වන්ත උනා. මේ මාස ගානටම එයාව දැක්කෙ නෑ මම. මට ලාවට ඇහුනා මිස්ටර් කුවාන්ගෙ කෝල් එකකින් එයා වෙන රටකට ගිහින් කියලා. ඒක එහෙම වෙන්න ඇති ඉතින් මොකද ලෝකෙ වටේම එයාගෙ බිස්නස් තියෙද්දි එයා නොයා කොහොමද .
ඒත් නිකමට මට කියල ගියෙ නෑ.ඒකට නම් දුකයි.. ඒ යීබෝ.. හොද සිහියට වරෙන්.. කියලා යන්න තරම් අයිතියක් උබ එයාට දීලා නැහැනෙ. ඒත් ඉතින් එයාට යුතුකමක් තිබ්බා කියලා යන්න. හුහ්..මට තේරෙනවා මම එයාට ආදරෙයි කියලා. ඒත් මට පුලුවන් වෙයිද එයාට ආදරේ කරන්න?
................................................................
චෙන් අද එන්න කියලා තිබ්බා මට එයාව හම්බෙන්න. මාස 4ක් යනකන් කිසිම දෙයක් කරගන්න බැරි උනා. මේ මාස හය ඉවර වෙද්දි කිසි දෙයක් කරගන්න බැරි වෙයිද කියලා මට සැකයක් තියනවා.බලමුකො කොච්චර කල් ගියත් මම මගෙ වැඩේ නවත්තන්නෙ නැහැ. මම අද යනකොටත් චෙන් ඇවිත් හිටියා.

ඔය නෙතු මගෙමයි..Wo Geschichten leben. Entdecke jetzt