Chapter..22

26 4 4
                                    

22. කොටස...

පුදුමාකාර කලකිරීමක් දැනෙන්නේ මට නම්. ලොකු විස්වාසයක් තියන් ගිය ගමනේත් ප්‍රයෝජනයක් නැති උනහම මාරම හිතට අමාරුයි. කරන්න දෙයක් නැහැ. දැන් වෙන විදියක් හොයාගන්න වෙනවා. කොහොම හරි ඇමති අතේ තියන ටික උස්සන්න වෙනවා. ඒත් එක කරන්න විදියක් තමා හිතාගන්න බැරි. ආපහු මුලටම ඇවිත් වගේ.

පහුවදා උදෙන්ම මම වැඩට ගියෙ ශුයාව හම්බෙන්න බලාගෙන. කෝල් කරලා කිසි දෙයක් කියන්න බයයි. මම යනකොටත් ශුයා ඇවිල්ලා හිටියා. මම ඔක්කොම විස්තර ශුයාට කිව්වේ හිත නිදහස් කරගන්න බලාගෙන. ඇමති අතේ තියන ඒවා ටිකත් උස්සන්න අමාරුයි. කමක් නෑ කොහෙන් හරි පොටක් පෑදෙයිනේ. මෙච්චර කල් හිටපු එකේ තව ටිකක් කල් ඉවසන්න මට පුළුවන්.  මේ වැඩ නිසා පහු ගිය ටිකේම බිස්නස් වැඩ ටික මගෑරුන නිසා මම ශුයා  එක්ක ඒ වැඩ ටික බලන්න ගත්තා. එක දිගට වැඩ කරගෙන ගිය අපේ දැහැන බිදුනේ මගේ ෆෝන් එකේ සද්දෙට. කවදාවත් නැතුව නැන්දි ගන්නේ කෝල් ඒක. වෙනදට මාමි ගන්න කෝල් එකෙන් එයා කතා කරනවා මිසක් එයා එයාගේ ෆෝන් එක පාවිච්චි කරනවා අඩුයි. හදිස්සියක්ද දන්නේ නැහැ.

" කියන්න නැන්දි.."

"අනේ පුතේ..." එයා කතා කරේ අඩාගෙනම.

"මාමි ඇක්සිඩන්ට් වෙලා.. අනේ එයා තාම ICU.. අනේ මට කරන්න දෙයක් හිතාගන්න බැහැ.."

එයාට කතා කරගන්න බැහැ.

"හරි නැන්දි.. අඩන්නේ නැතුව ඉන්නකෝ.. මම දැම්මම ෆ්ලයිට් එකක් බුක් කරනවා. මම එනකන් කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ."

"අනේ පුතේ ඉක්මනට එන්න.. මට හිතාගන්න බැහැ කරගන්න දෙයක් වත්.."

මම එයා වත් සනසලා ඉක්මනට කෝල් එක කට් කරලා බැලුවේ ශුයා දිහා.

"ශුයා.. මාමි ඇක්සිඩන්ට් වෙලා.. මට යන්න වෙනවා.. උබට පුළුවන් නේද  මෙහෙ ටික බලාගන්න.."

"ඔව් මට පුළුවන්.. ඉක්මනට පලයන්කෝ.. මම ටිකට් එක ඔන්ලයින් බුක් කරන්නම්..තනියම යන්න පුළුවන්නේ නේද.?"

"පුළුවන් මචං.. මම යන්නම ඕනේ.. මට ඉන්නේ එච්චරයිනෙ.."

ශුයා මගේ පිටට තට්ටුවක් දැම්මා. ඇත්තටම මම කලබල වෙලා ඉන්නේ. මගේ මමා පපා නැති උනාට පස්සේ කිසිම අඩුවක් නොවෙන්න මාව බලා ගත්තේ ඒ දෙන්නා. කරන්න දෙයක් හිතාගන්න බැරි උනත් මම එතන ඉන්න ඕනේ. ඉක්මනට ගෙදරට ආව මම ඇදුම් ටික අහුරගත්තේ ඉක්මනින්. ෆ්ලයිට් එක හවස 6.30 ට කියලා ශුයා කිව්ව නිසා මම ඉක්මනින් පිටත් උනේ දැනටමත් 3 පහු වෙලා තිබ්බ නිසා. ඔන්ලයින් කැබ් එකක් දාගෙන එයාපෝට් එකට යන්න පිටත් උනත් එක පාරට මතක් වෙච්ච දෙයක් නිසා මම ඩ්‍රයිවර් ට කතා කාලා.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now