Chapter..20

25 6 5
                                    

කැබ් එක නවත්තල කියලවත් මම දන්නේ නැහැ.  මම ඉක්මනට කැබ් එකෙන් බැහැල ගෙදරට ගියා.ඒත් ඒ ගෙදර නම් කිසිම මනුස්ස වාසයක් තියනවා වගේ පෙනුනේ නැහැ. මම ගේ වටේ රවුමකුත් ගියෙ දොරක් වත් ඇරලා තියනවද කියලා බලන්න උනත් කිසිම කෙනෙක් හිටියේ නැති නිසා මම ආපහු කැබ් එකට අවේ හොටෙල් එකට එන්න හිතාගෙන. අදත් මම නැවතිලා හෙටත් මම මෙතනට ඇවිත් බලනවා කියලා හිතාගත්තේ ආව වැඩ දෙකෙන් එකක් හරි කරගෙන යනවා කියලා හිතාගෙන.

........................................................................
20. කොටස..

" හදිසි වැඩක් වැටිලා මම යනවා.. ඔයා කැබ් එකක් දාගෙන ආපහු එන්න.."

එයාගෙන් මැසේජ් එකක් විතරක් ඇවිත් තිබ්බා. අනිත් අතට මම එයාට කෝල් ගත්තත් එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා. එලියට පනින්න පොර කන කදුලු අමාරුවෙන් හිර කරගෙන හිත තද කරගත්තා. එයාට ඔය දේ කරන්න තිබ්බා මම ආපහු ගෙදර ගිය දවසක. එයාගෙම වෙහිකල් එකේ ඇවිත් නන්නාදුනන පැත්තක මම සෑහෙන්න අසරණ වෙලා. හොටෙල් රූම් එකට ඇවිත් ඇදට වැටුනෙ කන්නවත් පිරියක් නැති වෙද්දි. එක පාරට එයාට මොකද උනේ කියලා මම මේ කල්පනා කරන්නෙ. කිසිම හෙතුවක් නැත්තම් එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි කියන විස්වාසෙ මගෙ හිතේ තදින්ම තියනවා. ඒක නිසා කිසි දෙයක් නොහිතා කෙලින් ඉන්න ඕනෙ මම. හැමදේම විසදෙයි.

ශුයා ටත් කෝල් කරලා අර මනුස්සයා අද හම්බුනේ නෑ කියන කතාව විතරක් කියලා කට් කරේ ශාන් ගැන කිසිම වැරදි හැගීමක් ශුයාගෙ හිතේ ඇති වෙනවට මම අකමැති නිසා. තනියම කරන්න දේකුත් නැහැ. කොච්චර ආදරණීයව ගෙවන්න තිබ්බ දවසක්ද මේ මම තනියම ගෙවන්නෙ කියලා මතක් වෙද්දි නම් මගෙ කදුලු මට නවත්තගන්න බැරි උනා.
.......................................................................

පහුවදා උදෙත් අර මනුස්සයා හොයාගෙන ගියා උනත් කලින් දවසෙ විදියටම ගෙවල් වහලා තිබ්බා.

"මහත්තයා කාවද බලන්නෙ.."

පාරෙ ගිය මනුස්සයෙක් නැවතිලා මගෙන් ඇහුවෙ මම ගේ දිහා බලන් ඉන්න නිසා වෙන්න ඇති.

"මේ ගෙදර කෙනා හම්බෙන්න ආවේ.. ඒත් ගෙදර වහලනේ.."

" මේ ගෙදර කට්ටිය නෑ මහත්තයෝ.. මීට දවස් පහකට උඩදි මේ ගෙදර කට්ටියම මෙහෙන් ගියා. කාටවත් යන තැනක් වත් කිව්වෙ නෑ.."

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now