Capter..18

32 8 4
                                    

අදත් සෑහෙන්න බිසී දවසක් .. මම ගෙදර ආවෙ බාගෙට පන ගිහින්. දැන් ගොඩක් අය මාව වන්ග් ගෙ පුතා විදියට අදුරනවා. එහෙම අදුරගන්න කලින් මගෙ වැඩේ ඉවරයක් කරගන්න බැරි උනත් මම වැඩේ අතාරින්නෙ නැහැ. ගෙදර ඇවිත් ගාඩ්න් එකට වෙහිකල් එක දාද්දි ඒකෙ එලියෙන් තමා දැක්කෙ ගාඩ්න් එකේ තියන බෙන්ච් එකේ වාඩි වෙලා ඉන්න කෙනා. මෙයා මොකද මේ වෙලාවෙ මෙහෙ..??

...........................................................................
18. කොටස..

"චෙන්.. මොකද හදිස්සියෙ.. අනික කෝල් එකක් වත් දුන්නෙ නෑ..?"

"කතා කරන්න වෙලාවක් නෑ යීබා.. ලොකු අවුලක්... මේ හැම දේම පස්සෙ ඉන්න හයිය අත්ත මට ට්‍රාන්සර් එකක් දාලා.. මම මගෙ වාහනේ එන්නෙත් නැතුව පාරෙ ටැක්සි එකක් අරගෙන ආවෙ මාව ෆලෝ කරනවා ඇති කියලා හිතලා.."

" යන්.. ඇතුලට ගිහින් කතා කරමු.."

"බෑ මම ඉක්මනට යන්න ඕනෙ.. මේ ටික හොදට අහගනින් යිබා.. උන්ට ඕන මේක ගැන හොයන්නෙ කව්ද කියලා දැනගන්න..ඒකයි මාව මාරු කරන්නෙත්.. තාම උබ ගැන සැකයක් නෑ මම දන්න තරමට.. ඒත් උබත් පරිස්සම් වෙයන් පුලුවන් තරම් .. මේ ෆයිල් එක මම ගෙනාවා.. මේකත් පරිස්සම් කරගනින් ..ඔක්කොම ශාක්ශි මේකෙ තියනවා. තව හොයාගන්න තියෙන්නෙ cctv එක. ඒ වැඩේ මම මෙහෙ විස්වාසවන්ත කෙනෙක්ට බාර දුන්නා..මම යනවා එහෙනම්.."

"මම නිසා උබට කරදර නේද?"

යන්න ගිය චෙන්ව නවත්තලා අතින් අල්ලගෙන මම කිව්වෙ දුකෙන්.

"විකාර කියවන්න එපා යීබෝ.. මට අවුලක් නෑ ට්‍රාන්සර් එක ගමට තියෙන්නෙ... උඹ පරිස්සම් වෙයන්.. මම යනවා එහෙනම්.."

මගෙ පිටටත් තට්ටුවක් දාගෙන චෙන් යන්න ගියා. ටික වෙලවක් ඉදලා ගෙට යන්න හැරෙනකොටම ඇහුනෙ ගෙට් එක ලග හෝන් සද්දයක් . ඇවිත් තිබ්බෙ ශාන්.එයා මොකද දන්නෙ නෑ අද මේ පැත්තෙ.. මාත් එක්කම ඇතුලට ආව එයා සෝෆා එකෙන් වාඩි වෙද්දි මම කෙලින්ම කිචන් එකට ආවෙ කොෆී දෙකක් හදන්න. කොෆී දෙකත් හදාගෙන මම එලියට එනකොට එයා සපත්තු දෙකත් ගලවලා සෝෆා එකේ දිගෑදිලා ඉන්නවා. පව් මහන්සි ඇති.

" ආ.. මේක බොන්න.."

මම කතා කරලා කෝෆි එක එයාගෙ අතට දුන්නට පස්සෙ මම මගෙ එකත් අරන් වාඩි වෙනකොටම මගෙ ෆෝන් එක්ට ආවෙ කෝල් එකක් . දන්නෙ නැති නම්බර් එකක්. බිස්නස් කෝල් එකක් වෙන්න ඇති කියලා ආන්සර් කලත් මම පුදුම උනේ එහා පැත්තෙන් කතා කරපු කෙනා කව්ද කියලා අදුන්වලා දුන්නට පස්සෙ.

ඔය නෙතු මගෙමයි..Unde poveștirile trăiesc. Descoperă acum