Chapter..05

47 11 4
                                    

05. කොටස..

නින්ද ගියෙ කොයි වෙලේදවත් දන්නෙ නැතිකොට මට ඇහැරෙනකොට උදේ දහයත් පහු වෙලා තිබ්බා. ගොඩක් දවසකින් හිතේ හැටියට නිදාගත්තා. උදේට කිරි එකක් විතරක් බීපු මම වොශ් එකක් දාගෙන පිටත් උනේ මාමලාගෙ ගෙදර යන්න. උදේට කෑවෙ නැති උනාට කමක් නෑ දවල්ට නැන්දිගෙ කෑම කනවා බඩ පැලෙන්නම.
බස් එකෙන් බැහැලා මේන් රෝඩ් එකේ ඉදන් යන්න තියෙන්නෙ පොඩි දුරක් නිසා ඒ ටිකත් පයින්ම ආවා.
.............................................................................
ගේට් එකත් ඇරගෙනම ඇතුලට ගියෙ මට මෙහෙ නුපුරුදු තැනක් නොවෙන නිසා. යනකොට මාමයි නැන්දියි එලියෙ ගාඩ්න් එකේ බෙන්ච් එකට වෙලා කයියක් දාගෙන ඉන්නවා දකිද්දි මම හැරුනෙ ඒ පැත්තට. ලමයි නැති උනත් ඒ දෙන්නා හරි ආදරෙන් ඉන්නවා. කිසිම දවසක රන්ඩුවක් වෙනවා මම දැකලා නෑ. ඒ තරම් ආදරෙන් ඉන්නවා. මට සලකන්නෙ එයාලගෙම දරුවට වගේ.

"අනේ අනේ.. ඔන්න දැන් තමා කොල්ලට අපිව මතක් වෙලා තියෙන්නෙ.."

"අනේ නෑ නැන්දි.. එක්සෑම් ඉවර උනේ ඊයෙනෙ. ඉතින් අද ටිකක් දවල් වෙනකන් නිදාගත්තා.. "
මම කිව්වෙ එයාලා ඉන්න බෙන්ච් එකේම පැත්තකින් වාඩි වෙන ගමන්. මාමා මගෙ කරට අත දාගත්තා.

"දෙන්නා එහෙනම් කතා කර කර ඉන්නකො.. මම යනවා දවල්ට කෑම ලෑස්ති කරන්න.. චූටි පුතා.. ඔයා කාලම යන්න ඉන්න ඕනෙ දවල්ට හරිද??"

" මම අද යන්නෙ නෑ නැන්දි.. හෙට තමා යන්නෙ.. ඔයා හිමීට උයන්නකො.."
" ඉතින් පුතා.. මොකද විභාගෙ තත්වෙ.. මම හිතනවා දැන් ඔයා මේ සේරම බාරගත්තනම් හරි කියලා.. මමත් දැන් වයසයි කොල්ලො.."

" අනේ මොන .. තාම ඔය ඉන්නෙ කොල්ලා වගේ.. විභාගෙ නම් ලොකු අවුලක් නෑ.. ඒත් තව මාස 6ක් ට්‍රේන් වෙන්න ඕනෙ.. ඊට පස්සෙ මම වැඩ බාරගන්නම්.."

"හ්ම්ම්.. එහෙනම් ඉතින් මක් කරන්නද.. දැන් ට්‍රේන් වෙන්න තැනක් හම්බ උනාද??"

"තාම නැහැ මාමි.. හොයාගන්න තැනක් අර හොල්මනටත් එක්කම හොයාගන්න ඕනෙ.."

"අහා... ශුයැන්ග් නේ.. ඉන්නකො මගෙ යාලුවෙක්ගෙ පුතෙක්ගෙ කම්පැනි එකක් තියනවා. මම හිතන්නෙ ඔයාලට එතන ට්‍රේන් වෙන්න පුලුවන් වෙයි.. හවස් වෙලා මම කෝල් කරන්නම්කො.. දැන් පුතා ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න.මාත් නැන්දිට පොඩ්ඩක් උදව් කරලා එන්නම්.."

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now