Chapter.. 23

26 5 1
                                    

23. කොටස..

ඩොක්ටර් ට ස්තූති කරලා මම ආවෙ නැන්දි ලගට. ලොකු අවුලක් නැති එක නම් ලොකු දෙයක්. මේ මාස 3 ලගින්ම ඉදන් එයාලව බලාගන්නවා කියල මම හිතාගත්තා. මම වෙනුවෙන් එච්චර කැපකිරීම් කරපු එයාලා වෙනුවෙන් මම එහෙම දෙයක් වත් කරේ නැත්තම් මොකද්ද ඇති වැඩේ..නැන්දිව ඇහැරවලා එයාටත් විස්තරේ කියලා මම ආවෙ හොස්පිටල් එකේ කැන්ටින් එකට. නෙස්කැෆේ දෙකක් අරන් ආපු මම නැන්දිටත් එකක් දීලා අනික තොල ගාන්න ගත්තා..
...........................................................................

පැය දෙකක් වගේ යනකොට මාමිට සිහිය ආව නිසා නෝමල් රූම් එකකට මාරු කරා. ඒත් එයාට රෙස්ට් එකක් ඕන නිසා නින්ද යන්න බෙහෙත් දීලා තිබ්බෙ. පිටතින් ලොකුවට අවුලක් පෙනුනෙ නැතත් වම් කකුල නම් කලවා වල මැදක් වෙනකන්ම බැන්ඩේජ් කරලා තිබ්බා.  නැන්දි සෑහෙන වෙලාවක් දැන් මෙතන නිසා බලෙන්ම වගේ කැබ් එකක් දාලා ගෙදර යැව්වෙ වොශ් එකක් දාගෙන ටිකක් නිදාගෙන එන්න කියලා. ප්‍රයිවට් හොස්පිටල් එකක් නිසා මාමිට වගේම ලග ඉන්න කෙනාටත් කෑම දෙනවා. නැන්දි ලග හිටියට මොකුත් කරන්න බැරි නිසා ඩිස්චාජ් කරනකම්ම මම ලග ඉන්නවා.  මාමිත් නිදි නිසා මමත් පොඩි නින්දක් දැම්මෙ සෑහෙන තෙහෙට්ටුවක් ඇගට දැනෙන නිසා. හිතන්න දේවල් ගොඩක් තිබුනත් මම ඒවා පස්සට කල් තිබ්බෙ මේ වෙලාවෙ මට ගොඩක් මහන්සි නිසා.

ආයෙත් මට ඇහැරෙනකොට නැන්දි ඇවිත් හිටියා. මාමි නම් නිදි.

" පුතාට මහන්සි වගේ නේද? හොදට නින්ද ගියාද?"

"පැය ගානක්නෙ නැන්දි.. මහන්සියට දන්නෙම නැතුව නින්ද ගියා.. ඔයා ඇවිත් ගොඩක් වෙලාද?"

" නෑ දැන් පැය භාගයක් විතර ඇති.. පුතා නිදි නිසා මම කතා කලේ නැහැ.. මම කෑම ගෙනාවා..කාලා ඉන්නවද?.. බඩගිනිත් ඇතිනෙ.."

"කමු.. මම වොශ් එකක් දාගෙන එන්නම්. ඊයෙ වැඩට ගිය ගමන් මේ.."

බෑග් එකෙන් සැහැල්ලු ඇදුමක් තෝරගෙන බාතෲම් එකට ගිහින් හිතේ හැටියට වොශ් දාගත්තෙ ලාවට බඩගින්නක් දැනෙද්දි. මාමිට ලොකු අවුලක් නැති නිසා නැන්දිත් ශේප් එකේ ඉන්නවා. ඒක නම් ලොකු දෙයක්. ඉක්මනට ඇවිත් නැන්දි බෙදලා දුන්න කෑම එක කෑවෙ හත් අවුරුද්දක් බඩගින්නෙ උන්නා වගේ. පැත්තක් අල්ලාගෙන කල්පනා කරන්න ලොකුවට උවමනාව තිබ්බත් මේ වෙලාවේ මට ඒක කරන්න බැරි මේ දෙන්නා ඉන්න නිසා.

ඔය නෙතු මගෙමයි..حيث تعيش القصص. اكتشف الآن