Chapter..08

31 6 2
                                    

08. කොටස..

"හ්ම්ම්.. ඔයා කවදා හරි කැමති වෙනකම් මම බලන් ඉන්නම්.. වැඩ දාහක් නවත්තලා මම මේ ආවේ. හිතේ නිදහසේ කිසි දෙයක් කරගන්න බැරි නිසා. ඒත් තිබුනටත් වඩා හිත පෑ රුනා. කමක් නැහැ. පරිස්සමට යන්න එහෙනම්.."

මම බලන් ඉද්දීම වාහනේ ස්ටාට් කරලා රේස් කරලා වේගෙන් යන්න ගියා. මම ඉන්න තැනම ගල් වෙලා වගේ බලන් හිටියේ මොකද්ද ඒ සිද්ද උනේ කියලා.

.....................................................................................................................................................

වාහනේ යන දිහා හොල්මන් වෙලා වගේ බලන් හිටපු මම පියවි සිහියට ආපු ගමන් ගෙදර ආවා. මොනවා උනත් එයා කියපු දේවල් වලට මට දුක හිතුනා. ඒත් දෙයියනේ මට මගේ හිතේ තියන හැගීම අදරේමද කියලා තාම හිතාගන්න බැහැ. අනික මගේ ප්‍රශ්නේ නිසා මට තව කෙනෙක් මේකට ගාවගන්න බැහැ. කමක් නෑ එහෙම ගිහින් එයා හිත හදාගනි. කමක් නෑ වෙන දෙයක් බලමුකෝ. කල්පනා කිරිල්ල පැත්තක දාලා මම මගේ වැඩක් බලාගත්තා.

පහුවදා උදේ ශුයා එක්ක උගේ කෑල්ල බලන්න යන්න උනා. මුන් දෙන්නා හම්බෙන්න දාගෙන තියෙන්නේ පාක් එකේ. අපි දෙන්නා බෙන්ච් එකක් උඩ වාඩි වෙලා බලන් හිටියේ ඒ ගෑණු ළමයා එනකන්. මම මනෝ පාරක් ගහන් ඉද්දි ශුයා මට වැලමිටෙන් ඇන්න. මම ඌ දිහා බලද්දී ඌ මට පෙන්නුවේ ඉස්සරහා. මුගේ තේරීම නම් හොදයි හැබැයි.

"දෙන්නා එහෙනම් කතා කරගන්නකො.. මම අර පැත්තෙන් ඉන්නම්.."

දෙන්නට නිදහසේ කතා කරගන්න දීල මම වෙන බෙන්ච් එකකින් වාඩි උනා. පාර්ක් එකේ හතර වටේම කපල් ඉන්නේ. මම විතරද කොහෙද තනිකඩයෙක්ට ඉන්නේ. මම උනත් ආවේ ඉතින් මුගේ පස්සෙන්නේ. තනියම පාර්ක් එන්න පිස්සු නැතුව ඇති කාටවත්. 

තනියම ඉදගෙන ඔහේ කල්පනාවක් දාගෙන ඉන්නකොට මට මතක් උනේ අර කැෆේ බෝයිව. ඊයේ වාහනේ අරන් ගිය හැටියට නම් මගේ ඇගත් හිරි වැටුනා. ඒත් ඉතින් එයා එහෙම හිත හදාගත්තොත් හොදයි. නිකන් ඉන්න එකේ හෙට කරන්න තියන වැඩේ කෝල් එක දැන් ගත්තොත් හොදයි කියල මට හිතුණා. මම කෝල් එක ගත්තේ CID එකේ වැඩ කරන මගේ යාලුවට. කවුරුත් නොදන්නවා උනාට මම මගේ මමාගෙයි පපාගෙයි කේස් එකේ ෆයිල් එක රී ඕපන් කරලා තියෙන්නේ. තාම මම ශාක්ෂි හොයනවා. ගොඩක් දේවල් හොයාගෙන තිබ්බත් ඔප්පු කරන්න තරම් තාම දේවල් මදි නිසයි මම මේ තාම කල් ගන්නේ.

ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now