Chapter..07

31 9 2
                                    

07. කොටස..

රාමෙන් එකකුත් හදාගෙන කන ගමන් මම කල්පනා කරේ මිස්ටර් ශාන් ගැන. මොන තරම් විහිලුවෙන් වගේ කතා කරත් ඒ ඇස් වල අවන්ක කමක් මම දැක්කා.. දකින හැම මනුස්සයාම විස්වාස කරන්න බැරි උනත් ඒ මනුස්සයා එහෙම අවිස්වාස කරන්න මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. කොහොම උනත් මම කල්පනා කරේ මගෙ හිතේ ඒ මනුස්සයා ගැන තියෙන හැගීම හරියට තෝරගන්න බැරුව. ඒ මනුස්සයා ගැන අමුතු විශේශයක් මගෙ හිතට දැනුනත් ඒ හැගීම හිත යටටම තල්ලු කරලා දැම්මෙ ඒ හැමදේටම වඩා මගෙ අරමුන වැදගත් නිසා. මම මන් ගැන හිතන්නෙ මගෙ වැඩේ ඉවර උනාට පස්සෙ. ඒ වෙනකලුත් ඔයා මන් වෙනුවෙන් හිටියොත් මම ඔයා ගැන තව පාරක් හිතලා බලන්නම් මිස්ටර් ශාන්.. මොකද මෙච්චර කාලෙකට මගෙ පස්සෙන් ආපු කෙනෙක් ගැන මේ වගේ වෙනස් හැගීමක් මගෙ හිතට දැනිලා නෑ.
.............................................................................


පහුවදා ශුයා යි මමයි ආවෙ අපේ මාමි හොයලා දුන්න කම්පැනි එකට. උදේ 8 වෙද්දි එන්න කියලා තිබ්බ නිසා මාමි ශෙයා කරලා තිබ්බ ලොකේශන් එක බලාගෙන අපි 7.45 වෙද්දි එතනට ආවා. කලින් එන එක කෝකටත් හොදයිනෙ.. බොස් තාම ඇවිත් නැති නිසා අපට පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න කියලා එතන හිටපු රිසෙප්ෂන් කිව්වා. විසිටර්ස්ලට වාඩි වෙන්න තියලා තිබ්බ පුටු පේලියෙ කොනකින් අපි දෙන්නා වාඩි උනා. ඉන්ටවීව් එකක් නෙමෙයි හින්දා වෙන්න ඇති අපි දෙන්නා විතරයි හිටියේ. හරියටම 8 වෙද්දි මේකේ අයිතිකාරයාද කොහෙද ආවා. එයා අපි දෙන්නා දිහා බලලා එතන හිටපු රිසෙප්ශන්ට මොනවා හරි කියලා ඇතුලට ගියා. මොනවා උනත් වෙලාවට වැඩ කරන පොරක් වගේ. තවත් විනාඩි 15 ක් විතර යද්දි ඒ කෙල්ල අපට කතා කරා.

" සර් .. ඔයාලා කෙලින්ම සෙවන්ත් ෆ්ලෝ එකට යන්න.. ඒකේ.. අපේ සර් ඔයාලා එනකන් බලන් ඉන්නවා.."
ඒ ගර්ල් ටත් ආචාර කරගෙනම අපි දෙන්නා එලිවේටර් එකට නැග්ගා. 7 වෙනි තට්ටුවට ආවට පස්සෙ ඒ තට්ටුවටම තිබ්බෙ එක කැබින් එකයි. අපි ඒකට තට්ටුවක් දැම්මට පස්සෙ අපට ඇතුලෙ කෙනෙක් කතා කලා. අපි ඇතුලට යනකොටත් බොස් එතන වාඩි වෙලා හිටියෙ.

" Good Morning.. එන්න ..දෙන්නම ඇවිත් වාඩි වෙන්න.."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඔය නෙතු මගෙමයි..Where stories live. Discover now