chapter 2

174 20 4
                                    

වසර පහකට පෙර ........

"හේශාන් කෝ ඉක්මන් කරන්න . සොහාන් ඔයාගෙ සෙට් එක රෙඩිද ..... "

" ඔව් මිස් ඔක්කම ලෑස්තියි. "

" හරි එහෙනම් කට්ටිය යන්න ඉක්මනට පේළි හැදෙන්න . දැන් වෙලාව ලගයි.  හේශාන් ඔයා සොහාන්ලා ජාතික ගීය ප්ලේ කරනකොට ඉක්මනට ගිහින් බූට් එහෙම ගලවලා ලෑස්ති වෙන්න ඕන තේරුනාද. පොල්තෙල් පහන දල්වන්න මේ පාර ප්‍රිෆෙක්ට් බෝඩ් එකෙන් ඔයාගේ නම් තමා දාලා තියෙන්නෙ. වෙලාවට හිටියේ  නැත්තන් මට ප්‍රින්සිපල් සර්ගෙන බැනුම් අහන්න වෙයි. "

" හරි මිස් මන් වෙලාවට එන්නම් "

"ම්ම්.... මන් යනවා එහෙනම් අර පැත්තට ගිහින් එන්න. කට්ටිය එක්ක පිලිවලට යන්න ගේට් එක ගාවට.

" කණ්ඩායම දකුණින් පෙළ ______සදන්. දැන් පලයව් සෙට් එකම ඔය විදිහටම පේලි ටික තියාගෙන පාරට "

" සැක් බන් අයියේ ඒක කිව්ව කැත බලහන්කෝ.  මේ තූර්‍ය වාදක කණ්ඩයමේ මෙලෝ රහකට නැති සාමාජිකයෙක් වශයෙන් මන් ඔබේ වාග් විලාශය තරයේ හෙලා දකිනවා ..... "

" අනේ මේ මගේ ඔලුව ගිනි අරන් ඉන්නවා උඹ මෙතන ආතල් දෙන්නෙ නැතුව හිටහන් මලින්දයෝ. දැන් ඉතින් පලයව් සෙට් එකම මන් එනකන් .... දිනෙත් මන් එනකන් ටිකක් බලපන් මල්ලී "

" හරියෝ....... "

මොකක්ද මේ කලබලේ කියලා බලනවද. අද අපේ ස්කෝලේ අලුත් ප්‍රිෆෙක්ට් බෝඩ් එකට බැජ් පලන්දන දවස. ඔය ඔලුව ගිහි අරන් කියලා බෙරිහන් දුන්නේ අපේ බෑන්ඩ් එකේ ලීඩර් හේශාන් අයියා. පොර අද වෙනදට වඩා කලබලෙන් ඉන්නේ. වෙනසක් නෑ ඉතින් අපිත් ඉන්නෙ එහෙම තමා.

ආරාධිත අමුත්තෝටික එන්න කලින් අපි බෑන්ඩ් එක ඉන්න එපැයි පාර ලග සෙටාර් එක පිලිගන්න. අපි මේ ඒකට ලෑස්ති වෙනවා.

තනියම කියවන මම කවුද බලනවද. අර හේශාන් අයියා නාහෙට අහන්නේ නැති මුන් ටිකව පොඩ්ඩක් බලන්න කියලා ගියේ මට තමා.  මම දිනෙත් ;  සොහාන් දිනෙත්. ගොඩක් අයට මම සොහාන්. අමුතු පහේ දෙතුන් දෙනෙක් ඉන්නවා උන් ටිකට විතරක් මන් දිනෙත්.  ඔය හේශාන් අයියත් ඒ අමුතුපහේ එකෙක් තමා. ඔන්න කලින්ම කිව්වා නැත්තන් පස්සේ දෙකපටලන් මන් දෙන්නෙක් කියලා හිතුවොත් මොන දෙයියොන්ට කියන්නද.....

crushWhere stories live. Discover now