chapter 17

72 9 7
                                    

ජය බන්දලා ධජ ලෙලවලා එනකොට මොකාද මන්දා පාර මැද තප්පයක් වගේ හිටගෙන ඉදලා. මන් දැක්කද නෑනේ. මන් මේ සිංදුව අස්සට දේදු පුතා ආපු හැටි දහ අතේ කල්පනා කර කර හිටියේ. ඇනුනා ගිහින් ඉතින්. අප්පා නහය තැලුනද මන්දා.

" උඩ බලාගෙනද යන්නේ මනුස්සයෝ "

නහයත් ශේප් එකේ අතගගා මන් ඔකුව උස්සලා බැලුවේ පාර මැද තාප්පයක් වෙලා හිටිය මොකාගෙද වැදුනේ කියලා. සැක්..... චතුරංගයා.  උඩ බලාගෙනද යන්නේ යැයි යැයි තමා.

" ආහ්.... සොරී... "

මුන් එක්ක වැඩි ඇයි හොදැයියක් ඕන නැති නිසා හිතෙන් පලු යන්න බැන බැන යන්තන් සොරි කියලා එන්න හැදුවේ. ඒත් කොහේ මේකට මාත් එක්ක එල්ලෙන්නමනේ ඕන.

" හැම එකටම සොරි කිව්වම හරිද සොහාන් "

" ඈ......."

" ඈ නෙවේ. මන් ඇහුවේ හැම එකටම සොරි කිව්වම හරිද කියලා "

මොන මගුලක්ද මේකා මේ දොඩවන්නේ.

" ඇයි වැරදිද. අපි නම් සාමාන්‍ය ඔය වගේ මනුස්සයෙක්ගේ ඇගේ වැදුනම සොරි කියලා තමා කියන්නේ. ඇයි ඔයාලා කියන වෙන මොකක් හරි තියනවද......ගෙට් ලොස්... ම්ම් ඒ වගේ එකක්ද කියන්න ඕන "

ඇයි යකෝ. සොරි කිව්වනම් පාඩුවේ පලයන්කෝ තව මෙතන මගුලක් කියන්නේ. මූණ තියනවා මොකාදෝ එකාගේ වගේ කෙලලා අරින්නමයි හිතෙන්නෙ මොකකින් හරි.

" පුහ්... පුදුම කටක්නේ තියන්නේ. දැන් වටේටම කට්ටිය ගොඩයිනේ. මාර රැස් ගොඩක් නේ තියෙන්නේ ඒක හින්දා "

මේකා මොනාද මේ දමාගෙන කියවන්නේ. අව්වේ ඉදලා මොලේ කරවෙලාද. අනික ඇගේ පොඩ්ඩක් වැදුන එකට මොකද මේ මෙච්ච නහින්න හදන්නේ.

" ඒ දිනේත්..........."

මේ බූරුවා මේ කියවන අපභ්‍රන්ස වලට හොදවයින් දෙකක් කියන්න කට අරියා විතරයි. කියන්න හම්බුනේ නෑ ඈතින් නිපුන් බෙරිහන් දීගෙන අපි ඉන්න දිහාවට ආවනේ. හම්මේ ඇති යන්තන්. නැත්තන් මෙතන මූ එක්ක ඇරගෙන තමා නතර වෙන්නෙ. එදා සිද්දියෙන් පස්සේ මන් ස්කෝලේ ආවම පොර ඇවිල්ලා එච්චර හිතලා කරේ නෑ සොරි කියලා ගියා. ඒ වුනාට දකින තැන පුප්පන එක තාම අඩු නෑ ඉතින්. අර දැක්කත් ඇති මරාගන්න සයිස් තිබ්බ එකනම් දශම ගානක් අඩු උනා. ඒ උනාට උන් අපිට සකන්ඩ් වෙන්නයි අපි උන්ට සකන්ඩ් වෙන්නයි කැමති නැති නිසා සීතල යුද්දේ දිගටම එහෙන්ම තිබ්බා. තාමත් තියනවා.

crushWhere stories live. Discover now