chapter 7

60 10 4
                                    

සදරුවන් අයියා එන සැරිය ස්කෝලේ ලගින් නවත්තද්දි ඇස් වලින් ඒ පැත්ත පෙන්නලා මගේ ඔලුවත් අතගාගෙන හේශාන් අයියා ඇතුළට ගියේ හැමෝගෙම වැඩ අදීක්ෂණය කරන්න බාරදීලා තියෙන්නෙ එයාට නිසා. අඩුපාඩු තිබ්බොත් බැනුන් අහන්න වෙන්නෙ එයාට තමා.

ඒත් එක්කම මන් ආපහු ගේට් එකෙන් එලිය බැලුවේ සැරියෙන් එක එක්කෙනා බැහැලා එද්දි. අන්තිමට සදරුවන් අයියත් බහිද්දි අහම්බෙන් වගේ මන්  බස් එකේ පිටිපස්සහ සීට් එක දිහා බැලුවේ කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා වගේ දැනෙද්දි.

දේහින්...... පිටි පස්සේ සීට් එකෙ ජනේලේ අයිනේ ඉදගෙන මේ පැත්ත බලගෙන හිටියේ. ඇයි කියන්න මන් දන්නෙ නෑ. ඒත් ඒ බලාගෙන හිටිය විදිහට හදවත ගැහෙන්න ගත්තා හරි අමුතු රිද්මයකට.

ටිකකින් නිපුනුත් ජනේලෙන් ඔලුව දාලා මට සැලුට් එකක් දුන්නෙ බස් එක ආපහු හරවන් යන්න හදනකොට. ඒත් එක්කම මාත් ඒ දෙන්නට අත වැනුවේ වෙනදට නැති සතුටකින් හිත පිරෙද්දි. ලගදිම එයාලත් අපේ ගොඩක් හොද යාළුවෝ වෙයි.

" ගුඩ් මෝනින් කොල්ලෝ....... "

ඒත් එක්කම බෑග් එකත් කරෙන් ගලවගෙන ගේට් එකෙන් ඇතුළට ආවේ සදරුවන් අයියා.

" ගුඩ් මෝනින් ...... "

" වෙලාව කීයද කොල්ලෝ .......   ඒ බන් මේක අපේ පන්තියෙන් තියපන් ඈ..... "

සදරුවන් අයියා මගෙන් වෙලාව අහගෙන පොතේ අත්සන් කරන්න යන ගමන් ආර්ට් එකේ අයියෙක්ට බෑග් එක දුන්නේ පන්තියෙන් තියන්න කියලා.

" හ්ම්ම්ම් හයයි හතලිහ වෙලා. හැමදාම මන් එද්දි ඒ වෙලාව වෙයි බන් අවුලක් නෑනේ නේ."

" ගානක් නෑ.... ටික වෙලාවනේ කොහොමත් කට්ටිය වැඩිපුර එන්නේ හත කිට්ටුවෙලා හින්දා අවුලක් නෑ. "

" ඔව් හැබැයි නේ..... ආ හිටාන්කෝ බඩ්ඩක් තියනවා. අනිත් ජෝඩුව එන්න කලින් කමු. හතරට බෙදන්න තරම් දෙයක් නෑ මේකේ "

එහෙම කියන ගමන් සදරුවන් අයියා බෑග් එක යවන වෙලේ ඒකෙන් ගත්ත කවරයක් දිග ඇරියේ මාත් ඒකට ඇහැ දාද්දි.

වාහ්..... චොක්ලට් කේක් කෑල්ලක්.

" කොහෙන්ද බන් අයියේ මේ..... කෙල්ලක් දුන්නා නේ ඈ...... ඇත්ත කියපා...........ං "

crushKde žijí příběhy. Začni objevovat