chapter 10

71 9 13
                                    

ඉස්කෝලේ අරින වෙලාව පහුවෙලා විනාඩි දහයක් විතර ගෙවිලා තියෙද්දි අන්තිමට රැස්වීම් ඉවර කරලා ගාථා කියන්නෙත් නැතුව අද ළමයින්ට යන්න දුන්නේ අරින්න වෙලා ගිය හින්දා. අපිත් පොතෙ අත්සන් කරලා ගේට් එකෙන් එලියට ආවේ ඉක්මනට ගෙදර යන්න . පාම්ගේ ඩීන් අපි එනකන් බලාගෙන ඇති සාන්ත .

පාමුයි , ඩීනුයි තව විකාරයි හිත හිත එලියට ආව මට උදේ ඉදන් හිතේ කොනක යටපත් කරගෙන හිටිය පාලුව වගේ මොකක්දෝ නොතේරෙන හැගීමට තිත තියන්න පුලුවන් වුනේ සදරුවන් අයියා යන සැරියේ පිටිපස්සහ සීට් එකේ ඉදගෙන ගේට් එකෙන් එලියට එන අපි දිහා බලන් හිටිය රුව හින්දා .

වෙන කවුරුත් නෙවේ දේදු පුතා නිපුන්ලා එක්ක කයියක් දාගෙනම අපි දිහා බලාගෙන හිටියේ මායි මගේ කිඹුල්ලෝ දෙන්නයිත් ඒ පැත්ත බලාගෙනම ස්කෝලෙන් එලියට එද්දි.

" අම්මෝහ් මූණේ හිනාව බලාපන්කෝ ... "

එකපාරටම සදරුවන් අයියා කිව්ව කතාවත් එක්ක අපි ඒ දිහා බැලුවේ එයා ඒක කිව්වේ කාටද කියලා බලන්න.

" මොකෝ බන් ඔහොම බලන්නේ මන් කිව්වේ අර දේහින්ලටයි නිපුන්ලටයි. බලාපන්කෝ සෙට් එක එකට ඉද්දි තියන සිරික්කිය. ඔය බිනරයා ඉන්නවා නේ විකට නළුවෝ පරාදයි පොරගේ වැඩ වලට "

ඒක මිසක්. අපි ඔක්කම කන්න වගේ බලන් ඉද්දි සදරුවන් අයියා කියාගෙන කියාගෙන ගියේ මටනම් ඒ කිව්වේ එයාලටමද කියලා හිතේ පොඩි කුතුහලයක් ඇතිවෙද්දි. අනික දේහින් ඔය ඔච්චර කියන තරම් හිනාවුනේ නෑනේ. හිනාවුණා නම් මන් දකින්න එපැයි. මෙච්චරලා මොකාදෝ එකා වගේ ඒ යකා දිහානේ මමත් බලන් හිටියේ.

සැක් විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ දිනෙත් උබේ වැඩත් දැන් ඈ. කොල්ලෙක් දිහා ඔහොමත් බලනවද මන් අහන්නේ. අනික තමන්ගෙම යාලුවෙක් දිහා...ඔව්නේ නේ අපි දැන් යාලුවොනේ නේද. ඒකනේ දැක්කම කතා කරන්නෙ අත වනන්නේ. අනික ෆෝන් නම්බසුත් තියන් ඉන්නේ.

" අඩෝ... දිනෙත්.... බල්ලෝ... මොන ලෝකෙද යකෝ ඉන්නේ .... "

ආපහු මන් මගේම කියලා ප්‍රශ්න වගේක අතරමන් වෙලා ඉද්දි පියවි සිහියට ආවේ සසිදුගේ බෙලෙක් කටේ සද්දෙට. සිරාවට මේ යකා හම්බෙන්න ඉද්දි විනීතා අම්මා කෑවේ මොනාද දන්නෙ නෑ. අහලා බලන්නෝන . නැත්තන් මූත් දවසක ඒවම පොරගේ වාහෙටත් ගිල්ලුවොත් අනාගතේ ගොඩක් සුභයිනේ.

crushWo Geschichten leben. Entdecke jetzt