chapter 5

77 8 9
                                    

එක එක විකාර හිත හිත කියව කියව පන්තිය තියන පැත්තට ගිය මායි සවිදුයි සසිදුයි හිටි තැන නතර වුණේ අපිට ඉස්සරහින් දකින්න තියෙන දර්ශනේ දැකලා.

චතුරංග අයියා වගේ එකෙක් තවත් කවුරු හරි කොල්ලක්ගේ කොලර් එකෙන් අල්ලන් හොදවයින් දෙකක් අමතනවා.

අපි කලින් ගැලීම් සටහන ඇදලා පෙන්නලා අපු නිසා තාම වෙලාව 10.30 වෙද්දි අපි තුන්දෙනා තව ටිකක් ලගට ගියේ වෙන්නෙ මොකක්ද කියලා හරියට බලාගන්න.

අපි ඒ ළගට ලන්වෙනකොටත් පන්ති යන්න ආව ගොඩක් ලමයි ඒ කිට්ටුව සිද්දිය බලන් හිටියේ මේවා ඉතින් ගොඩක් වෙලාවට අපේ ටවුමේ සෙනසුරාදට සාමාන්‍ය දේවල් නිසා.

ලගම දන්න කියන එකෙක් ඇරෙන්න මේ වගේ වෙලාවට කවුරුත් වැඩිහිටියෙක් නැතුව ඕවට අත දාන්නෙ යන්නෙ නෑ. නැති ලෙඩ දාගන්න ඕන නෑනේ.  ඒත් හත්තික්කේ ..............

" අඩෝ තුසිතයා නේද බන් අර ....... "

මන් කියන්න ගිය දේ සවිදුවා කිව්වේ චතුරංග අයියා බෙල්ලෙන් අල්ලන් ඉන්නේ කාවද කියලා හරියට දැක්කේ ලගට ගියාට පස්සේ හින්දා .

මේ හුටපටේ මොකක්ද . තුසිතයා කියන්නෙ ස්කෝලේ අපේ පන්තියේ ඉන්න සයිලන්ට්ම පොරක්. අපි වගේ නෙවේ අහිංසකයි. මේ රිලවට ඒ ළමය එක්ක තියන අවුල මොකක්ද දන්නෙ නෑ. බෙල්ලෙන් අල්ලන් ඉන්න විදිහ මේකා.

සර්ගේ පුත්‍ර රත්නේ මහ ලොකු චතුරංගයා තුසිතයාගේ  කොලර් එකෙන් ඇදලා අරන් මොනාදෝ මන්දා කියලා බනිනවා ඇහෙද්දි ඒ දිහා බලන් හිටිය අපි තුන්දෙනා උඩගියේ ශුද්ද සිංහලෙන්ම අමතලා අමතලා අන්තිමට මේකා තුසිතයගේ කනට දමලා ඇරිය හින්දා. ඒ පාරටනම් අරූගේ මොලෙත් එක්ක හෙල්ලෙන්න ඇති ශුවර් . 

ප්ව් අහිංසකයා අරූගේ එක කනේ පාරට බිම. කටේන්.ලේත් එනවද මන්දා .

" අඩෝ දිනෙත් අපි මොකද බන් කරන්නෙ. පව් බන් අරූ ඌ හොද එකා. කොහොම වලියක පැටලිලද දන්නෙ නෑ.... "

සසිදු අපෙන් අහද්දි මායි සවිදුයි මූණෙන් මූණ බලලා ආය සිද්දිය වෙන පැත්ත බැලුවේ ඇත්තටම මොකද කරන්නෙ බලන්න. නොදැක්කා වගේ යන්නෙ කොහොමද මේ ගුටි කන්නෙ අපි එක්ක එකට ඉන්න එකෙක්නේ.

crushWhere stories live. Discover now