chapter 18

63 10 3
                                    

" දිනෙත් බලාගෙන............ "

කලින් දවසක වගේම අදත් කවුරු හරි බෙරිහන් දෙනවා ඇහෙනකොට ඇස් කන් ඇරලා වටපිට බැලුවේ ඒ පාර මොන ගිනි විජ්ජුම්බරයක්ද කියලා. නෑ නෑ ලොකු අවුලක් නෑ එදා වොලිබෝල් ආවා වගේ අද ටෙනිස් බෝලයක් එනවා පෙනුනා. මට මොකුත් හිතන්න වෙලාවක් තිබ්බෙ නෑ. අනිත් පැත්තට විසික් වුණා මතකයි. හම්මේහ් මයෙ කොන්ද. ඇති ඔයින් ගියා. මන් නම් හිතුවෙම නහය ඉවරයි කියලා. වෙලාවට සදරුවන් අයියා ලග හිටියේ. පොර බෝලේ එනවත් එක්කම මාව අහකට තල්ලු කරපු හින්දා හොදට ගියා. අන්තිමට බෝලේ කාණුවේ මන් සවිදුවගේ ඇග උඩ. සදරුවන් අයියා හිටියේ නැතත් අදත් හොස්පිට්ල් එකට දක්කන්න තිබ්බා.

" අඩෝ මල්ලී මොකුත් අවුලක් නෑ නේද බන් දිනෙත් කතා කරනවකෝ "

මං කාණුවට වැටුන බෝලේ දිහා බලාගෙන ඉද්දි සදරුවන් අයියා මාව හොල්ලන්න ගත්තේ සවිදුවත් දනිපනි ගාලා නැගිටිද්දි. පව් අනේ උගේ කොන්ද ඇනුනද දන්නෙ නෑ.

" න්......නෑ..... නෑ..... අවුල්ක් නෑ. තෑන්ක්ස් අයියේ තව ටිකෙත් අදත් නහය ඉවරයි. සවිදු අවුලක් නෑනේද බන් "

" අඩෝ සොරි සවිදු ඈ බෝලේ එනවා දැක්කා අපි හිටිය විදිහට කැච් අල්ලන්න බෑනේ. ඒක හින්දා තමා මේ යකාව ඔය පැත්තට තල්ලු කරේ "

සවිදුවගේ කොන්ද අතගාන ගමන් මන් කියද්දි සදරුවන් අයියත් කිව්වේ සවිදුවට මටයි දෙන්නටම ආබාදයක් තියනවද කියලා බලන ගමන්. වෙලාවට කාටවත් කිසි ආබාධයක් නෑ.

" නෑ නෑ..... ගාන නෑ. ඒ ඔක්කමත් හරි බන් දේහින් මෙච්චර සද්දෙන් කතා කරනවා මන් මේ ඇහුවමයි "

අත්වල ඇලවිලා වගේ තියන කොල කෑලියි තණකොළයි අයින් කරන සවිදුවා කිව්වේ දේහින් දිහා බලලා. එතකොට තමා මගේ ඔලුවටත් ආවේ දිනෙත් බලාගෙන කියලා බෙරිහන් දුන්නේ දේදු පුතානේ කියලා. වට පිටාවේ අනිත් අයටනම් ගානක් නෑ තරගේ නැගලම යනවනේ. ඒක හින්දා මන් හිමීට දේහින් ඉන්න පැත්ත බැලුවේ එයා මොකද කරන්නෙ බලන්න. එතකොට තමා මන් දැක්කේ නම කියලා කෑ ගහපු වෙලේ ඉදන් එයාගේ ඇස් තාම තියෙන්නෙ මන් ඉන්න දිහාට කියලා. හැගීමක් තේරුම් ගන්න අමාරුයි එයා ඒ බලන් ඉන්න විදිහට. සමහරු විට අවුලක්වත්ද කියලා බලනවද දන්නෙ නෑ. වෙලාවට දේහින් බලන් ඉදලා කෑ ගැහුවේ. නැත්තක් කොට්ටම්බා සිහියෙන් ඉදලා ආපහු හොම්බකට සමතලා වෙනකන් දන්නෙ නෑ. ඒක හින්දම මම දේහින් දිහා බලල හිනාවෙලා අවුලක් නෑ කියන්න ඔලුව වැනුවේ එයා මන් දිහා බලාගෙන ඉද්දි. ඊට පස්සේ දේදු පුතත් ආපිට මට ඔලුව ටිකක් වනලා ආපහු තරගෙට අවදානේ දුන්නේ ඒ වෙලාවේ එල්ලේ පොල්ල අතේ තියන් හිටියේ චතුරංග අයියා නිසා. ඒත් අනේ මන්දා. මේ හැසිරීම ..... හේතුවක් නොතේරුනත් පපුවට හරි බරයි වගේ වෙලාවකට මේ දේවල්.

crushWhere stories live. Discover now