chapter 19

91 9 6
                                    

" චූටි පුතා හතට දහයයි වෙලාව "

" හරි අම්මා ඉවරයි ... "

රෑ පාඩම් කරා. ඒත් ඉවර නෑ තව බලනවා. සතියක් ක්ලාස් ගියේ නැති නිසා ඒ කොටස් ආය ආය බලන්න උනා හරියට ඔලුවට දාගන්න. මොකද පැස්කල් නේ කරලා තිබ්බේ. ස්කෝලෙන් කරපු මගුලකුත් නැති හින්දා නෝට් එක විතරක් බලලා අල්ලගන්න ඇත්තටම අමාරුයි. විද්‍යාව බලලා ඉවර වෙලා අයිටී පොත ටික වෙලාවක් බලන්න ඇති මේසේ උඩම මට නින්ද ගිහින්. අම්මත් එකොලහට විතර ඇවිත් කෝපි එක දීලා නිදාගත්තනේ. දොලහ පහු වෙනකන් නැගිටලා හිටියා මතකයි. ආය බලද්දි වෙලාව දෙකත් පහුවෙලා. බෙල්ලට ටිකක් පාතින් රිදෙන්න ගත්ත නිසා ඒත් නැගිට්ටුනේ. රිදෙන්නේ නැතැයි සාන්ත. අච්චු පොතේ පිටු ගානට පාර හිටලා රතුවෙලා. කාට කියන්නද සැපට සනීපෙට පොත උඩනේ නිදියලා තියෙන්නේ. ආය පොත බලන්න ගත්තත් එච්චර හින්දා ඔක්කම ටික වහලා තියලා නිදියන්න ගියේ පහ හමාරට එලාම් තියලා.  ඒ නැගිට්ටත් හරි මූණ හෝදගෙන මන් තාම ව්‍යාජ කේතයි පැස්කල් ක්‍රමලේකනයි ලියනවා. ම්හුක් මේ සර් ගෙදර වැඩ දීලනේ. අපිට තනියෙන් ලියන්න තුනක් දීලා. සර් ගැලීම් සටහන විතරයි දිලා තියෙන්නෙ අපි ඒකට ව්‍යාජ කේතේ ලියලා පැස්කල් වලීනුත් ලියන්න ඕන.

මගේ කිඹුල්ලෝ දෙන්නා එනවා කිව්වා හරියට හතයි කාල වෙද්දි. පයින්නෙ යන්නේ එතකොට හත හමාර වෙද්දි ටවුන් එකේ අපි. වෙනදටනම් මෙච්චර කලින් යන්නෙ නෑ. ඒත් කොහෙද අද නිපුන්ට මොනවාහරි ගමු කිව්වනේ. වෙලාවට සෙනසුරාදට මුලු ටවුමෙම කඩවල් හත හමාර වෙද්දි අරිනවා. ඒකත් හොදම එක කියන්නේ ටවුමේ භාගයක් මුස්ලිම් කඩ , භාගයක් සිංහල කඩ ,  භාගයක් දෙමල කඩ. ඇත්තටම හරි ශෝක්. අපේ ගමේ ඉන්න හැමෝම වගේ සිංහල බෞද්ධ. ඒ උනාට අපේ ස්කෝලේ තියෙන්නෙ මුස්ලිම් ගම මැද. ඒකෙම එහා පැත්තේ දෙමල අය ඉන්නවා. එයාලගේ ගම. එහෙම කිව්වට හරියට පරුමුකලා යටතේ ගමිකලා පාලනේ කරන ගම් වගේ. ලොකු ගමක් ඇතුලේ පොඩි පොඩි කොටස්. ඒ ඔක්කමත් හරි මාර එකමුතුයි සමගියි මේ මින්ස්සු. වෙසක් කාලෙට අපිත් එක්කම වෙසක් කූඩු හදන තේරු කාලෙට එයාලට කලින් අපි කරත්තෙ ලණු අදින රාමසාන් කාලෙට පල්ලියේ කැද එක බොන්න අපිත් පෝලිමට යන  එකමුතුකමක් තමා අපි ලග තිබ්බේ. ටවුම ගත්තනම් ඒකනම් තුන්පැත්තට යන්න පුලුවන් පාරවල් තියන තුම්මන් හන්දියක් වගේ. එක පැත්තක් මාතලේ පාර අනික කැප්පිටිගල පාර අනික කුරුණෑගල පාර... ම්ම්ම්ම් ලොකූ.... ටවුමක්. දැන් උදේ පාන්දර ඕකේ ඇවිදලා අර යකාට මොනවා හරි ගන්න එපැයි. අපේ ක්ලාස් එක තියන තැන පල්ලෙහා ලවර් එකක් තියේ ග්‍රීන් ලවර් කියලා. ඒකේ අන්කල්ට අනුව ආදරේ පාට කොළ පාටලු. ඕන මගුලක් කොල බැරිනම් ගොම කොළ පාට උනත් අපිට මොකෝ. ඒකෙන්වත් මොනවා හරි ගන්නවා ඇවිදින්න බෑ අප්පා උදේම. ඒත් කිසි අයිඩියා එකක් නෑ දෙන්න ඕන දෙයක් ගැන. පන්තියේ අයගේ උපන්දින තියෙද්දි කොල්ලොද කෙල්ලොද අදාල නෑ චොක්ලට් එකක් දීලා නිකා ඉන්නවා. සෙව්ට විතරක් මොකක් හරි හරි සුකුරුත්තමක් අරන් දෙනවා. ඒ උනාට නිපුන්ටත් චොක්ලට් එකක් දෙන එක... සැක් හරියන්නෙ නෑ ඒක.

crushWhere stories live. Discover now