chapter 22

150 13 13
                                    

කළු පාටට හුරු තද කොළපාට කලිසමයි කහ පාටට හුරු සුදුපාට ශර්ට් එකයි , කලිසමේ පාටම කෝට් එකයි , කෝට් එකෙ වටේට ගිය කහ පාට බෝඩර් එකයි , පොලිස් කැප් එක වගේ කලුපාට කැප් එකයි , ඒකේ වටේට ගිය කහපාට දාරයයි කෝට් එකේ එල්ලුන පටියයයි දංවැලයි. හ්ම්ම්.... ජීවිතේ පලවෙනි පාරට මෙහෙම ඇදුමක් අදින්නේ. හරියට නිදහස් දින උත්සවේ අර්මි එකේ බෑන්ඩ් එක අදිනවා වගේ එකක්. ආසාවෙන් හිටියා ඒ වගේ එකක් එකපාරක් හරි අදින්න. දැන් ඒ උණත් හරි.

"  අඩෝ කිඹුලෝ.... උඹලා දෙන්නගේ හැඩ යකෝ "

" අපි නෙවේ බොල ගිහින් උඹ බලපන්කෝ කණ්ණාඩියකින්. පිස්සු හැදෙනවා බන්. උඹ ඔහොම ඉද්දි මාරම ගති. හම්මේ අද නම් කෙල්ලන්ගෙන් බෙරිලා ඉන්න ඕන ස්පෙශලි අපේ එකීගෙන්.  "

" වෙලාව ලගයි කොල්ලනේ ඉක්මනට හොදේ. "

හේශාන් අයියා කට්ටියට කතා කරද්දි වෙලාව එක හමාරටත් ලගයි. දැන් තමා අපි සෙට් එකම ඇදගෙන කරගෙන ඔක්කම ඉවර වුණේ. ඇත්තටම කියන්නේ අද නම් අපේ සෙට් එක  පුදුම තරම් ලස්සනයි. කිඹුල්ලෝ දෙන්නයි හේශාන් අයියයි වාහ්හ්.... කියන්න වචන නෑ. මගේ ලුක් එකත් එහෙමලු දකින දකින එකා කියනවා. කෑල්ලක් ටෝක් කරනවනම් ඔන් අද තමා දවස. ඔක්කටම හපන් මායි කිඹුල්ලෝ දෙන්නයි දැකලා අපේ සෙව් මැරෙන්න හැදුවානේ. අන්තිමට ඔක්කම පැත්තක දාලා ඒකිත් එක්ක සෙල්ෆි බරගානක් ගහන්න උනා. විරිත්තලා පන ගියා බන් ඒවට. අනේ දෙයියනේ කියලා අපෙ සසිදුවා තාම ෆොටෝ ගහනවා. අනේ මටයි සවිදුවටයි ඕවා සෙට් නෑනේ අපි දෙන්නා පාඩුවේ වැදගත් විදිහට ඉදගෙන හිටියේ. ටිකකින් හේශාන් අයියත් අපි එක්කම සෙට් උනා අනිත් උන් හැඩ වෙලා ඉවර වෙනකන්.

ඒ ඉන්න අස්සෙත් අපේ සෙව් හොරාට අපේ ෆොටෝ ගහලනේ. රැන්ඩම් වැදුන සෙට් එකක් තිබ්බ පට්ට ගති. ඒ ටික ඉල්ලගන්න ඕන. තුන්දෙනත් එක්ක හිනාවෙන එක තියනවා ඒකේ වෙනම වයිබ් එකක් තියෙන්නෙ. කොහොමහරි ඒ  විකාර ඔක්කම ඉවර වෙද්දි අපි යන්න ඕන වෙලාව හරි .

අනේ අදනම් දෙයියනේ කියලා දෙක වෙද්දි ආරාධනා කරපු අය ඔක්කම වගේ වෙලාවට ඇවිල්ලා. අපිත් සෙට් එක වෙලාවට පේලි හැදිලා ගැම්මට හිටීයේ. අන්තිමට පලවෙනි දවසටත් වඩා හොදට අපි අපේ වැඩේ කරනකොට මන් බලාගෙන අපේ වෙලාවටමද මන්දා ආරාධිත පාසල් වල තරග වලට ඉන්න සෙට් එකත් වෙලාවට වඩා කලින් ඇවිත්. ටහුඩු ඒක යකෝ. උන හැන්ඩියට ඇවිත් යකෝ අපිට වඩා. ඒ අස්සේ අර දේදුවා අමුතු පහේ හිනාවක් දාලා තව ටිකෙන් මට රත්න දීප වෙනුවට ඔබේ සිනා මුව මඩලට ගැහෙනවා. ඇයි යකෝ. මගේ බඩත් නිකන් රිදෙනවා රිදෙනවා වගේ. නිපුනුත් ඉන්නවා ලෝක පුදුම හතෙන් එකක් දැක්කා වගේ. ඒ ඔක්කම අස්සේ අපේ ස්කෝලේ කෙල්ලෝ බලන් ඉන්නවා අපි නිකන් තවුතිසාවෙන් පොලවට බැහැලා වගේ.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 11 ⏰

Add this story to your Library to get notified about new parts!

crushWhere stories live. Discover now