chapter 11

62 10 3
                                    

ඈතින් සදරුවන් අයියගේ කටහඩ ඇහෙද්දි පිටිපස්සහ හැරුන මට........ අන්තිමට ඇහුනේ හැමෝම මගේ නම කියලා කෑ ගහනවා විතරයි .

" දිනෙත් .... මල්ලී..ඔන්න බලාගෙන ...... "

" ආහ්...... "

" දිනෙත්.......

" සොහාන් අයෙයො.......

" අඩෝ සොහාන් මල්ලි ......

ළමයින්ට ස්කෝලේ ඇතුළට එන්න බෙල එක ගහනවත් එක්කම කොහෙදෝ ඉදන් ආපු වොලි බෝලයක් මගේ මූණේ වැදුනේ මට තරු මන්දාකිනි මදිවට කළු කුහරත් ඔලුව වටේ පේන්න ගද්දි. ඒත් එක්කම එක එක්කෙන නමේ කෑලී ඔක්කම කියලා කතා කරනවත් ඇහෙනවා වගේ. ම්හුක්.... ඇමතුම් බරගානක් ඇහෙනවා උනාට... පොඩ්ඩක් ඉන්න ඒයි ඔබ ඇමතු ග්‍රාහකයා පොඩ්ඩක් ගුරුත්වෙන් පිට ගිහින් වගේ.

වැදුන පාරේ සැරට මාව පස්සට විසික් වෙලා එතනම බිම ඉන්ද වුනේ සිරාවටම ගුරුත්වාකර්ශනේ සීරෝ වෙලා මන්  හිතන්නේ. එච්චරට හොදයි වැදුන පාර.  ඒ එක්කම සදරුවන් අයියා කෑ ගහගෙන මන් ඉන්න දිහාට දුවගෙන ආවේ මාව නිකන් පරිභමණය වෙනවා වගේ දැනෙද්දි.

මූණේ කීවට හරියටම වැදුනේ නහයට. ග්‍රැනීට රයිස් ගරන්න මොකාටද දන්නෙ නෑ අත තියාගෙන ඉන්න බැරිවුනේ.....

නහයටම වැදුන හින්දද මන්දා එක පාරම හුස්ම ගන්නත් අමාරු වුනේ මට නිකන් වටේම කැරකෙනවා වගේ දැනෙනකොට. නහය සෙට්ටපෝච්චිද දන්නෙ නෑ ..... අම්මපා පොඩ්ඩක් මේ භ්‍රමණය වෙන එක නතර වුනානම් බෝලේ එවපු එකාව හොයාගෙන ගිහින් අහවල් එක ගලවලා අතට දෙනවා බල බල ඉන්න. ඇයි යකො.... රිදෙනවා සාන්ත.

" දිනෙත් ...... අඩෝ මල්ලි ..... කොල්ලෝ උඹට මොකද බන් .... ඔය නහයෙන් ලේ එනවා බන් "

තාමත් උන දේ එක්ක මොකුත් හිතාගන්න බැරුව බෝලේ එවපු  එකාට හිතින් පලුඅරින ගමන් ඉද්දි සදරුවන් අයියා ලගට ඇවිත් කෑ ගැහුවේ මගේ කටටත් අමුතු යකඩ රහක් වගේ ටික ටික දැනෙනකොට. හරිනේ නහය සෙට්ටපෝච්චි .

ඉන්දවුන තැන එහෙමම ඉදගෙන මන් අත නහයට තියලා බැලුවේ සදරුවන් අයියා එයා ලග තියාගෙන ඉන්න ලස්සන ලේන්සුව මගේ නහයට තද කරද්දි . රතුපාටට වාන් දානවා නහය. සනීපයි

crushWhere stories live. Discover now