chapter 9

69 10 6
                                    

ඒත් ........ ඒ යකා.දාලා තිබ්බ එක. මොන අපභ්‍රන්සයක් ද යකූ ඒ..... දැන් මුට කාත් එක්කද ජෙලස්. කාව දකින්න නැතුවද. දැන් ඌ ජෙලස් වුනා කියලා මට මේ අමුතු මොකද. ඒත් මේ පපුවේ පැත්තක් රිදෙන්න වගේ එන්නේ ඇයි. අඩේඅප්පා හාට් ප්‍රොබ්ලම් එකක්වත්ද. නැත්තන්  දැන් එතකොට මට සයිකොද් ඈහ්.........

දාහක් ප්‍රශ්න ඔලුවට එද්දි ෆෝන් එකත් පැත්තකට විසික් කරලා මන් කන්න මොනාහරි හොයාගෙන කුස්සියට ගියේ දුක හිතන වෙලාවට තව  පිස්සු තද වුණ වෙලාවට කරන්න තියන හොදම දේ ඒක අමතක වෙනකන් අම්බානෙට ගිලින එක හින්දා.

අහෝ දුකකි ඉරකි තිතකි.... තිබ්බ චොක්ලට් බිස්කට් පැකට් එකේ බිස්කට් තුනක් අඩුයි. ඊයේ හවස තාත්තා ගෙනාපු ඉස්පංචි වලත් දෙකක් අඩුයි.

ඕන එකක් කියලා අඩුව අමතක කරලා ටීවී එක දාගෙන කන්න තියන ඔක්කම ලගට අරන් ඉදගත්තේ පාසල් ගිහින් ආව මහන්සිය නිවාගන්න.

ඒත් ටීවි එකෙත් බලන්න පුලුවන් මෙලෝ දෙයක් යන්නෙ නැති කොට, මැච් එක පටන් ගන්නත් තව වෙලාව තියන හින්දා පැත්තකට විසික් කරලා තිබුන ෆෝන් එක අරන් සෙව් කිව්ව කතාව බලන්න ගත්තෙ වෙලාව යන එක ගැන නම් කිසිම දැනීමක් නැතිවෙද්දි.

තිබ්බ කඩසෝරු ඔක්කටමත් වැඩේ දීලා හොද බත් පිගානකටත් වැඩේ දීලා වෙලාව බලද්දි දන්නෙම නෑ හතරත් වෙලා. සින්දුයි ඇඩ් යන ඒවයි සයිඩ් ස්ටෝරී ඔක්කමත් යවලා කොහොමහරි එපිසෝඩ් හතරකුත් බලලා ඉවර වෙලා තියනකොට මන් නාලා කරලා මගේ වැඩ වලට ගියේ නැත්තන් අම්මා ආපුහම බැනුම් අහන්න වෙන නිසා.

.....

" ඕයේ සුවද සබන් ඇග ගාලා හායි හායි.....
පුංචි ලිදෙන් දිය ඇදලා නාලා........
හැඩ වැඩ වෙන්න ඔයා... ලස්සන සලු පලදා...
එනවා ඔබව සොයා.... දේහින්.... "

මොකක්ද යකෝ ඒ අන්තිමට වුනේ. දැන් නාද්දිත් මේ මනුස්සයා මතක් වෙනවනේ. මට ලෙඩක්.... ඔව්... ඔව්.... හොයාගන්න බැරි විදිහේ දරුණු ලෙඩක්ද කොහෙද.

පිරිසිදු කරන්න කියලා ක්ලෝරින් අම්බානෙකට දාලා එවන කිරි සුදු පාට වතුරෙන් ශවර් එක යටට වෙලා නාන ගමන් මන් සින්දුවක් කිව්වේ අන්තිමට කොහෙදෝ ඉන්න දේදුගේ නම මගේ කටෙන් පිටවෙද්දි. සැක් එක්කෝ මේ මනුස්සයා කලින් වගේම බුම්මන් කතා නොකර හිටියන්ම් හරි ඇයි වදේ.......

crushWhere stories live. Discover now