chapter 8

69 10 6
                                    

" හරි එහෙනම් ඩෙන්සිල් කොබ්බෑකඩුව "

" එහෙම කෑල්ලක් නමේ නෑ සෑර්........ ආ එක්කෝ කමක් නෑ සෑර්...... සෑර්ට කැමති විදිහට කියන්නකෝ "

නමේ නැති කෑල්ලක් අල්ලගෙන පොර කියවන්න යද්දි සර්ගේ එක රැවුමට බයේ පොර කට වහගත්තේ සවිදුවනම් මට අතින් ඇන ඇන හිනා වෙද්දි.

" තිදොර නම් කරනවා බලන්න "

" මොකක්ද සෑ..ර්....... "

" තිදොර නම් කරන්න කිව්වෙ . "

" ආ... තිදොර නේ... ඒ කියන්නෙ දොරවල් තුන නේද සෑ...ර්... "

" ඔව් ඔව්... ඒක තමා. එකොලහ වසරෙනෙ ඉන්නෙ. ඒක නොදැන ඉන්න බෑනේ.... "

" අයියෝ සෑර් ඒක කවුද නොදන්නෙ. "

" හරි එහෙනම් කියනවකෝ. "

" ඉස්සරහ දොර , පිටි පස්සහ දොර , මැද දොර "

" පුහ්හ්හ්හ්හ්හ්...."

උගේ අප්පගේ දොරවල් ටිකක් ඒක....දෙයියනේ මේකගේ කට.

වැඩ්ඩා වගේ ඩෙනා උත්තරේ දෙනකොට සවිදුවගේ කටේ තිබ්බ වතුර ටික සසිදුවගේ මූණ සිපගත්තේ වයිස් ප්‍රින්සිපල් සර් ඩෙස් එකේ ඔලුව ගහගද්දි.

මුළු පන්තියම බක බක ගාලා හිනාවනවා. හිනා නෙවේ යකූ මේවා අඩන්න ඕන සිද්දි. සැක් අපේ හාමුදුරුවෝ හිටියනම් ප්‍රෙශර් අමාරුව හැදෙනවා. වයිස් ප්‍රින්සිපල් සර්ටත් හිනා .  හිනාව කාගෙන ඔලුව උස්සපු සර්ට ඩෙනා ලස්සන හිනාවක් දුන්නේ කෑල්ලක් අඩු රදනක දත හොදට පේන්න.

මේකගෙ කටට කියන්න ඕන මොනවද කියලා සර්ටත් තේරෙන්නෙ නෑ වෙන්න. වෙලාවට , සර් ඩෙනා දිහාම බලන් ඉද්දි ඉන්ටර්වල් එකට බෙල් එක ගැහුවේ. ඒකනම් ඩෙනාගේ වාසනාවටද සර්ගේ අවසාවටද මන්දා.

" හරි එහෙනම් කනවලකෝ කට්ටිය. කොබ්බෑකඩුව ..... "

" සෑ......ර්......"

" මන් හාමුදුවන්ට කියන්නම්කෝ පුතාගේ තිදොර ගැන. ඊළග දවසේ උගන්නද්දි ඔයිට වඩා අහන් ඉන්නකෝ ඈ... "

මහ නෝන්ඩි හිනාවක් දාලා සර් එහෙම කියාගෙන යන්න ගියේ මුළු පන්තියම ආපහු අර යකාට හිනාවෙද්දි.

අපිට ඉතින් ඕවට මොකුත් කියලත් බෑ නොකියත් නෑ. කම්මැලිකමක් නැතුව ආතල් එකේ ජොලියේ පන්තියේ ඉන්නේ මුන් ටික හින්දනේ. කොල්ලෝ දොළහයි ඉන්නේ පන්තියටම. එක ක්‍රිස්තියානි කොල්ලයි අනිත් ඔක්කම සිංහල. ඉතින් ඔක්කමලා සහෝදයෝ වගේ ඉන්නවා.

crushWhere stories live. Discover now