chapter 4

110 11 6
                                    

හිතුවා වගේ සතුටටද කොහෙද අම්මා ගානේ ස්පෙශල් රයිස් එකක් ඩෙවල් එකක් එක්ක රෑට හදලා දුන්නේ මහේ කුඹුල්ලු දෙන්නටත් එක්ක . කලින්ම මැසේජ් එකක් දාලා උන්  දෙන්නාට ඇවිත් එයාලගේ කොටස අරගෙන යන්න කිව්වේ නැත්තන් මුන් දෙන්නා හෙට මව ඩෙවිල් දාන් හින්දා. අම්මා කොහොමත් එහෙමයි විශේශ දෙයක් හදනවනම් අනිවාරෙන් ඒ ජෝඩුවටත් එක්කමයි හදන්නෙ. මොකද ගෙදර එකා යකා වුන මට ඒ දෙන්නා මගෙම සහෝදරයෝ දෙන්නෙක් වගේ.

*

ඒ දවසත් ඉවර වෙලා අලුත් දවසකට ඉර පායද්දි මන් උදේම ලෑස්ති වුනේ it ක්ලාස් යන්න. අර ජෝඩුව හත හමාර වෙනකොට එනවා කිව්ව නිසා මන් ඉක්මනට ලස්සනට නෑ නෑ ඩීසන් එකට ලෑස්ති වුනේ හේතුවක් නැතුව හරි හේතුවක් තිබිලා තේරුන්ගන්න බැරුවහරි ආසාවෙන්ම යන පන්තිය ඒක නිසා .

පන්තියට එච්චරට ආස වෙන්න උගන්නන සරුත් එක හේතුවක්. මොකද එයාට සර් කිව්වට අපිට අයියා වගේ. කැම්පස් එකේ දෙවෙනි වසරේ ශිෂ්‍යයෙක්. මාර දක්ශයි උගන්නන්න.

"ආ කොල්ලා good morning වස්‍තූ...... "

අම්මගේ වදෙන් බත් කටවල් දෙක තුනක් කාලා පොත් බෑග් එකත් අරන් ගෙදරින් එලියට ආපු මාව දැකලා ඈත තියාම සසිදු බෙරිහන් දුන්නේ සවිදුවා ඒ යකාගේ ඔලුවට එකක් ගහනවා දුර තියා මට පේද්දි. අපේ අම්මනම් මේ ඩබලගේ මේ කෝලම් වලට මාර ආදරෙයි. මේ දෙන්නත් එහෙම තමා. ඇන්ටි ඇන්ටි කිව්වට වෙලාවකට කතා කරන්නෙ ප්‍රියා අම්මා කියලා. මොකද අම්මගේ නම ප්‍රියදර්ශනී නේ.

" good morning දෙන්නටම ..... "

අම්මටත් අත වනාගෙන අපි තුන්දෙනා පයින්ම පන්තියට එන්න ආවේ ඔහේ එක එක විකාර කියව කියව. ඒකෙත් ප්‍රදාන වුනේ එක එක ටීවී සීරියස් ගැන කියන එක.

" අඩෝ මේ දැන් උණු කැවුන් වගේ අපේ පන්තිවල ළමයි අතරේ ගිහින් ඇති නේ දිනෙත් අපේ එකේ ඩී හෙඩා කියන එක. කොහොමද නේ කෙල්ලෝ එහෙම අද හැරි හැරි කොල්ලා දිහා බලද්දි. ඔක්කටම හපන් අර නිපුනලා. ඉන්නවකෝ මන් අද බලෙන් හරි උට හොද හිනාවක් දාලා කතා කරලා පොඩ්ඩක් සීන් එක දානවා.... "

"ඉව්ව්ව්.... උබෙත් කට. ඕන්නැති එකක් නෑ. ආය අමුතුවෙන් කෙල්ලෝ බලන්නෙ මොකැ අපි ලෝක පෙරලුවැයි. අනුක යකෝ ඕක ඒ හැටි දෙයක්වැයි. එහෙනම් ඉතින් කොළඹ පැත්තේ ලොකු ලොකු ස්කෝල වල ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් වල උන් කොහොම නටන්න ඕනද. අනික මේ බොරුවට ලොකු සීන් කියවන් යන්නෙ එහෙම නෑ ඈ අර යකා එක්ක. මන් දන්නෙ නැතැ කට. නිපුන්ට මොනාහරි කියන්න තියනවම් කන්න ඕනෙත් නෑ නේ උඹට  "

crushWhere stories live. Discover now