වැඩිය හිතන්න හොදනෑ...... මන් මටම කියාගෙන ෆෝන් එකෙ ඩේටා ඕෆ් කරන්න හදද්දි වට්සප් එකෙන් මැසේක් එකක් ආවේ නොදන්න නම්බර් එකකින්.
" Thank you..... "
එච්චරයි ..... වෙන මොකුත් නෑ..... මේ කවුද යකෝ මේ .
හිතන්න හම්බුනේ එච්චරයි . ඒ එක්කම වගේ අදාල ග්‍රාහකයාගේ ප්‍රොෆයිල් එක පෙන්නන්න ගත්තනේ. යෝ...... ඩයලොග් අනාගතය අදයි ලොඩ් වීම හෙටයි. සිග්නල් ඉල්ලෙයි. පෙන්නන්න ගත්තට මොකෝ මට තාම පේන්නේ බොද වෙලානේ.
විනාඩි දෙකක් තුනක් විතර බලාගෙන ඉද්දි කොහොමහරි සිග්නල් කණුවක් අහුවෙලා යන්තම් බොදවෙලා තිබ්බ රූපේ ටික ටික පේන්න ගත්තේ මන් ඇස් දෙක කටේ දාගෙන කෙනා කවුද කියලා බලන්න බලාගෙන ඉද්දි. මෙහෙමයි ඉතින් කුතුහලේනේ. ඒකයි.
ටහුඩු ...... කවුද මල්ලි මේ............ යකෝ මූණක් පේන්නෙ නෑනේ..කැප් එක දාගෙන ඇස් දෙක වැහෙන්න මදි පාඩුවට මාක්ස් එකකුත් දාගෙන තව ෆෝන් එක අල්ලන් මූණට. ඔච්චරටම මූණ පේනවට අකමැති නම් ෆොටෝව ගහන්නෙ නැතුව හිටියනම් ඉවරයි නේ ඇයි යකෝ. ඒත් ඉතින් මොනා වුනත් ඒ ෆොටෝවනම් ගින්දර........... මාත් ගහලා බලන්න ඕන ඒ වගේ එකක්.
ප්‍රොෆයිල් එකේ තිබුන ෆොටෝ එක දිහා බලාගෙන මම තනියෙන් කුටුකුටු ගෑවේ ඇත්තටම ඒක සිත්ගන්නාසුලු ෆොටෝවක් හින්දා.
ඒත් කවුද....... දැකලා හුරු ශේප් එකකුත් තියනවා.... ඒත් අදුරගන්න අමාරුයිනේ..... සර්වාන්ගෙම වහගෙන බෙල්ල විතරයි පොඩ්ඩක් පෙන්නේ. ඉතින් කොහොමද කෙනාව අදුරගන්නේ.
YOU ARE READING
crush
Fanfictionමම ඒක දැනගෙන හිටියා එයත් ඒක දැනගෙන හිටියා එයා ඒක දන්නවා කියලත් මම දැනගෙන හිටියා මම ඒක දන්නවා කියලා එයත් දැනගෙන හිටියා ඉතිං අපි එහෙම්මම හිටියා !