chapter 14

75 10 3
                                    

දුවමු මිතුර දුවමු......
මිතුර දුවමු දුවමු....

තරගේ පටන් අරන් විනාඩි පහක් යන්න ඇති එක රොත්තට දුවන්න පටන්ගත්ත තිස්දෙනා එක එක තැන්වල. සාමාන්‍යයෙන් කොහොමත් එහෙමයි. මොකද සමහරු පටන් ගත්ත ගමන් දීලා අදිනවා. ආය නෑ පුලුවන් තරම් වේගෙන් දුවනවා. තවත් සමහරු හරි හෙමින් පටන් ගන්නවා. තවත් අය වේගෙනුත් නැතුව හිමිනුත් නැතුව මැද වේගෙකින් පටන් අරන් නොර්මල් එකේ දුවගෙන යනවා.

අපේ තාත්තගේ තියරියට අනුව නම් කවදාවත් මැරතන් එකකදි මුලින්ම තියන ඔක්කම හයිය දාලා දුවන්න හොද නෑ. මොකද මැදක් වෙද්දි මහන්සි වැඩී අල්ලගෙන ඉන්න අමාරුයි. ඉක්මනට හති වැටෙනවා. ඒ වැටෙන ටික ඇති අනිත් අයට අපිව අල්ලන්න. අනික කවදාවත් හිමීට පටන් අරන් අන්තිමේදී අනිත් අයව අල්ලනවා එයලට ගොඩක් මහන්සි දැනුනම කියලා ඕනවට වඩා හිමින් ස්ටාර්ට් එක ගන්නත් හොද නෑ. මොකද ගැප් එක මහ දුරක් නම් කොහෙ කියලා අල්ලන්නද. හිමින් දිව්වත් මහන්සිය මහන්සියමයි. අනිත් අය තරම් නැතත් පොඩි හරි මහන්සියක් තියෙනවා . අපි කොච්චර හිතුවත් අපේ උපරිමේ දාලා දුවනවා කියලා ඒක අමාරුයි. උපරිමේ දෙන්න අමාරුයි. මොකද ඉස්සර එකාට කොච්චර මහන්සි උනත් ගේම අත අරින්නේ නැත්තන් ඌ දිගටම දුවනවා. ගැප් එක වැඩී කියලා හිත කියද්දි කොච්චට ගට අරන් දිව්වත් පාස් කරන්නේ හරි සොච්චමක්. ඒක හින්ද හොදම විදිහ මැද වේගෙකින් ස්ටාර්ට් කරන එක. මහන්සිය කොහොමත් එකයි. ඒත් ගැප් එක සාපේක්ෂව අඩුයි . හිතේ හයියයි ඇගේ හයියයි තියනවනම් අන්තිම වෙලේ හරි ගේම ගහන එක ලේසී. මොකද ඒකාකාරීව ඇවිත් ටික ටික වේගේ වැඩිකරන් යද්දී ප්‍රතිඵලෙ හිතනවට වඩා හොද විදිහට ගන්න පුලුවන්. තරගෙකදි උනත් ජීවිතේදි උනත් ඒක සාමාන්‍ය දෙයක්.

මුලින් ගොඩක් වේගෙන් දුවනවා කියන්නේ හරි මහ ගොඩක් හිමින් දුවනවා කියන්නේ හරි එක්කෝ දිගටම ඒ වේගේ ඒ විදිහට අල්ලන් පලවෙනියා වෙන්න පුළුවන් කියලා තමන් ගැන තියන විශ්වාසේ එහෙම නැත්තන් මුලින් ලොකු ගැප් එකක් තිබ්බත් අන්තිම වෙද්දි තමන්ට අමාරු උනත් දිනන්න පුලුවන් වෙයි , තමන්ට මහන්සි අඩු නිසා වේගේ වැඩි කරන්න පුලුවන් වෙයි කියලා තියන විශ්වාසේ. අනේ මන්දා මගේ විදිහට නම් ඒකට කියන්නේ විශ්වාසේ නෙවේ අධි තක්සේරුව කියලා. විශ්වාසේ වෙනයි ඕනවට වඩා විශ්වාසේ වෙනයි. තක්සේරුව , අධිතක්සේරුව , අවතක්සේරුව කියන්නේ තුනක්.  තරගෙකදී වේවා ජීවිතේදී වේවා තමන්ට තමා ගැන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම නැතුව ගේමක් දිනන්න බෑ. ඒත් එහෙමයි කියලා ඕනවට වඩා විශ්වාසයක් තියෙන්න හොදනෑ. මොකද එතකොට වරදින්න තියන සම්භාවිතාව වැඩී. මොකද ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියනවනේ.

crushWhere stories live. Discover now