chapter 20

90 11 5
                                    

නිවාසේ කිව්වම මතක් වුණේ. ඇත්තටම මොකක්ද දැන් අපි නිවාසෙට හදන්නේ.......

අයිඩියා එකක් නෙවේ. ඔලුවේ මේ වෙලාවේ අයිඩියාස් බරගානක් වැඩ කරනවා. මගේ විතරක් නෙවේ මන් හිතනේ හැමෝගෙම ඒවගේ ඇති.ඒත් අඩු කාලෙකින් අඩු ශ්‍රමේකින් හදන්න පුලුවන් එකක් වෙන්නත් එපැයි. අනිද්දට ක්‍රීඩා උත්සවේ. ඒක හින්දා හෙට උදේ ඉදන් තමයි නිවාස හදන වැඩේට බහින්න තියෙන්නේ. දැන් අවසාන පීරියඩ් දෙකේ නිවාස රැස්වීම් ගන්න දෙන්නම් කිව්වා. ඒක හින්දා ඒ වෙනකොට අපි එකක් හිතලා තියෙන්නත් ඕනේ. ඒ උනාට මට දැන් හිතන්න බෑ වගේ. උදේ ඉදන් එහෙට මෙහෙට දුවලම මහන්සී. මගේ කිඹුල්ලෝ දෙන්න කොහෙද දන්නෙත් නෑ. අලුත් උපන් සහෝදරයා ඌත් නෑ අතුරුදන් .

ඒ ඔක්කමත් හරි උදේ ඉදන් බට නලාවට පිඹලා පිඹලා මගේ බඩේ ආය හුලන් නෑ වගේ. ඒ අස්සේ පීරියඩ් එක එක ඉවර වෙනවා. තරග ඉවර උනාට පස්සේ බෙල් එක ගහන්න දාලා ඉන්න පොර ආපහු වැඩෙට බැහැලනේ. ඒ උනාට පිරියඩ් පිලිවලට බෙල් ගැහුවට මොකෝ උගන්නන්නෙ නෑනේ මේ දවස් වල ළමයි සීසීකඩ. කෙල්ලෝ එකතුවෙලා බැජ් හදනවා කොල්ලෝ තනියෙන් මාර්ච් ප්‍රැක්ටිස්. බෑන්ඩ් එකේ සෙට් එක ඒක ප්‍රැක්ටිස්. එක එක ඒවා. දැන් පස් වෙනි පීරියඩ් එකත් ඉවර වෙන්න ලගයි. තව ටිකකින් ඉන්ටර්වල්. ඒකෙන් පස්සේ අපේ නිවාසේ ලොකු ලොකු සෙට් එක එකතුවෙලා කයියක් දාන්න තමා හිතන් ඉන්නේ. වෙන මොකවත් ගැන නෙවේ අනේ හෙට දවස ගැන. මොකද අපි සෙට් එක එකතු වෙලා ගන්න තීරණයක් අවසාන පීරියඩ් දෙක පටන් ගන්න කලින් ගන්න එපැයි. ම්හුක් හරි මහන්සී අප්පා. මෙහෙම මහන්සි පිට කන්න ගත්තත් කාගන්නත් බෑ.

ට්‍රිං .......ට්‍රිං ......ට්‍රිං ......

ස්කෝලේ කාලේ ආසම කාල පරිච්ඡේදේ. ඉන්ටර්වල් එක. බෙල් එක ගැහුවට මොකෝ තනියෙන් ගිලින්නවැයි. කෝච් සර්ගේ පණිවිඩයක් උස්සන් කිඹුල්ලෝ දෙන්නා ගියා ගියාමයි තාම නෑ. සර් ජෝඩුවව අවිශ් අයියව හොයාගෙන එන්න යැව්වනේ. පොරට මොකක්දෝ මන්දා කතාවක් පුරුදු වෙන්න අඩගහන්න. මොකද මාච් එක මෙහෙයවන්නේ එයානේ මේ පාර. ගැම්මක් තමා. වෙන සැරවල් වල නම් ස්කොලේ හෙඩ් ප්‍රිෆෙක්ට් තමා මාච් එක මෙහෙයවන්නේ. ඒත් මේ පාර එහෙම බෑනේ. හේශාන් අයියා බෑන්ඩ් එකේ ලීඩර් නේ. සදරුවන් අයියා හවුස් කැප්ටන්. ඒකනම් ගානක් නෑ. එවෙලෙට කොඩිය චාරු අයියට දීලා මොකක් හරි කරන්න තිබ්බා කොහෙද පොරගේ කටේ සද්දේ මදිනේ. චතුරංග අයියාගෙ පෞරුෂය කියන එක පේනවා මදිලුනේ. කෝච් සර් තෝරලා තමා අවිශ් අයියව තෝරගත්තේ. හැබැයි ගති ඈ.... ඩෑල් එක මාරම ලස්සනට වැඩේ කරනවා.  ඔය මාච් එක පටන් ගන්න කලින් ආරාධිත අමුත්තන්ගෙන් අවසර ගන්න මොකක්දෝ එකක් කියන්න ඕනනේ. ඒක පුරුදු කරන්න සර් මිනිහව හොයනවා. පොර මිසින්. දැන් ඒ යකා හොයන්න ගිය කිඹුල්ලු ජෝඩුවත් මිසින්.

crushWhere stories live. Discover now