chapter 21

63 9 10
                                    

පාගමු මිතුර පාගමු.....
හොදට .....  මඩ පාගමු.....

පාගනවා බන් තාම. මායි සවිදුවයිනේ මඩ අනන්න භාරගත්තේ. ඒත් කොහේ අපේ දේදු පුතාටයි නිපුන්ටයි අපිට උදව් කරන්න ඕන කියලා මහ උදාර සිතුවිල්ලක් පහල වෙලානේ. ඒ ජෝඩුවත් ආවා උදව්වට. එහෙමයි කියලා අතින් මඩ අනන්න අපි හතරදෙනාට පිස්සු වැයි. කකුලෙන් පාගනවා දාගෙන. ඇයි ඉතින් අනනවා කියලා එහෙම ඇනෙන්න ඕන නෑ. පොඩ්ඩක් ඔහෙ මඩ ගහන්න පුලුවන් ගානට සෙට් උනානම් ඇතිනේ. එහෙමයි කියලා අපි ආතල් ගන්න එක අඩු වෙනවද. කොහෙත්ම නෑ හෙනම ජොලියේ මඩ පෑගුවේ. ඒ අස්සේ අනිත් සෙට් එක.ගෝනිවල අඩු පාඩුයි ඇතුලේ කාමර එන්න ඕන විදිහයි ඩිසයින් කරනවා.

" ලොකු කිඹුලා දන්නවද මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියනවා කියලා "

නිපුනා ඒ අස්සේ සවිදුවට මුක්කු ගහලා මඩ පාගන එක පැත්තක දාලා පඩිවදන් දෙසනවා.

" දන්නවා ඇයි අර සිරි පැරකුම් එකෙත් කුඹුරේ ඉදන් මඩ නාලා හීන බලලා මඩ හෝදලනේ මාලිගාවට ගියේ "

" එහෙම එකක් නෙවේ බන් කිව්වේ "

" එහෙනම් දැන් උඹ කොහොම එකක්ද කියන්නේ"

" බලපන් දැන් අපි දෙන්නා නෑ හතර දෙනා මඩ නාලා නේ ඉන්නේ "

" නෑනේ බන් කකුලේ විතරයි පොඩ්ඩක් ගෑවිලා තියෙන්නෙ "

" උඹ මැදින් පනින්නේ නැතුව අහනවද නැද්ද "

" හා කියපන්කෝ. මට නිකන් දැනෙනවා දැනෙනවා වගේ උඹ කියන්න යන්නේ හද්ද ගොබ්බ කතාවක් කියලා කමක්නෑ පොඩි එකාගේ ආසාවනේ "

" අනේහ් පල යන්න "

හරි , එතනින් ඒ සුහද සාකච්ඡාව ඉවරයි. මායි දේදු පුතයි දමාගෙන හිනාවෙද්දි අරුන් දෙන්නා ආය සිගිති වලිය පටන් ගත්තා. වලිය කොච්චරද කියනවනම් අන්තිමට සවිදුවායි නිපුනයි දෙන්නම මඩ නෑවා. උන් දෙන්නා මඩ නෑවනම් පාඩුවේ හිටපන්කෝ. කොහේ , මන් මඩ නෑවනම් උඹත් මඩ නාන්න ඕන කියන උන්ගේ තියරියට අනුව අන්තිමට මටයි දේහින්ටයිත් උනෙ ඇගේ නැතත් මූණේ පලාතක මඩ ගාගන්න එක.

" අඩෝ ඔය සිගිති වලිය නවත්තපන් බන් "

බැරිම තැන සදරුවන් අයියා මැදට පැනලා අපේ සිගිති ආතල් එක නවත්තන්න කිව්වා. ඒ උනාට එහෙම එකපාරටම නවත්තන්න බෑනේ. අපි ටික වෙලාවකට පසුබැස්සා. වෙන මොකක්වත් හින්දා නෙවේ අපේ සෙනේ සර් ආවානේ.

crushWaar verhalen tot leven komen. Ontdek het nu