chapter 15

72 9 11
                                    

" සමගිය බලය වේ. හැමෝගෙම බඩ පිරේ. උබ දීලා වරෙන් සොහාන් මල්ලී  "

බනිස් ගෙඩියක් දෙකට කඩන ගමන්  චාරු අයියා කියවනකොට මන් බනිස් ටික උස්සන් හේශාන් අයියලා දිහාට ගියේ උන් ටිකත් කන්න වගේ මන් එන දිහා බලද්දි.

මාත් මොකාදෝ එකා වගේ ඔක්කම ටික උස්සන් ගිහින් හේශාන් අයියගේ අතට දුන්නේ බනිස් හම්බුන විදිහ ගැන සරල පැහැදිලි කිරීමක් කරලා. ලොකු අවුලක් වුනේ නෑ විනාඩි පහන් විතර යද්දි හේශාන් අයියලගේ පැත්තයි අපේ පැත්තයි දෙකම සෝමාලියාවට පාන් පෙත්තක් දැම්මා වගේ වුණා. එකම මයිලෝ බටෙන් දෙන්නෙක් බොනකොට එකම බනිස් ගෙඩිය දෙකට තුනට කඩාගෙන කනකොට ඒකේ තියෙන්නෙ වෙනම රහක්. ආදරයක්. එක අම්මගේ නොවුනත් එක අම්මගේ වුන සහෝදර බැදීමක්.

එහා පැත්තේ උන් උන්ගේ අම්මරුකමුයි අපේ පැත්තේ උන් එයාලගේ අමාරුකමුයි දුවපු විදිහයි දැකපු දේවලුයි කියව කියවන කන්න ගත්තේ අන්තිමට නිවාස දෙක එක නිවාසයක් වෙලා එතන වෙනම පුංචි නිවාසයක් වෙනකොට. 

දවස ගෙවුනා මහ ඉක්මනට අන්තිමට ගැහැනු ළමයිගේ නෙට්බෝල් තරගත් ඔක්කම ඉවර කරලා හෙට එයාලගේ වොලිබෝල් තරග තියනවා කියලා ස්කෝලේ ඉවර කරේ අන්තිමට තරග පටන් ගත්ත දවසේ ලකුණු පුවරුවේ උඩම තැන අපේ හවුස් එකට වෙන් කරලා. හේශාන් අයියලා දෙවෙනියෝ වෙලා චතුරංග අයියලා තුන  දැනට. ඒත් ලොකු ලකුණු ගැප් එකක් නෑ. මැරතන් එකෙන් අපි ලකුණු එකතු කරගත්ත හින්දා හොදා. මොකෝ කෙල්ලොන්ගේ තරග එකකවත් පලවෙනි ප්ලේස් එක අපිට එනවා කියලවැයි. අදත් නෑ. හෙට කොහොමත් නෑ. මට තියන බය හෙට දවස ඉවර වෙද්දි අපි දෙවෙනි තැනට බහීද කියලා. මොකද අපේ උන් සේව්ව දාන්න අත උස්සන විදිහටම කියන්න පුලුවන් ලෙසටම කනව කියලා.

" මොනාද බොල තනියෙන් කල්පනා කරන්නේ. දැනට අපි පලවෙනියානේ "

" ඕ ....... දැනට කියපන්.හෙටත් අරුන් ටික ලෙසටම කෑවම ඕක දෙකට බැහැලා නතර උනොත් ඇති . "

මාත් මගේ ලෝකේ තනිවෙලා අපේ උන්ගේ වැඩගැනම හිත හිත ඉද්දි සසිදුවා කීව කතාවට සවිදුවා මන් හිතපු කතාවම කිව්වේ කට්‍රියගේ තරම දන්න හින්දා වෙන්න ඇති . මොකෝ ඌයි මායිනේ එකටම කෙල්ලෝ ටිකට වොලිබෝලේ පුරුදු කරේ. සමහරු හිටියා මලාට සෙල්ලමක් කරපු නැති . තවත් උන් දන්නවා වැඩි හින්දා ලෙසටම අනාගන්න.

crushWhere stories live. Discover now